Tuesday, June 3, 2014

27,000කට පීඩා අයහපත් කාලගුණයෙන්


පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 27,243 දෙනෙකු පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර ප‍්‍රකාශ කළා. කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ මෙම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි. එසේම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පුද්ගල මරණ 22ක් සහ තුවාල සිදුවීම් 8ක් වාර්තා වී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.

Monday, June 2, 2014

දුම්රිය ගමන් සාමාන්‍ය පරිදි


දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවෙන බවත් පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කොළඹ සිට බදුල්ල දක්වා ගමන් ගන්නා දුම්රිය බණ්ඩාරවෙල දක්වා පමණක් ගමන් ගන්නා බවත් දුම්රිය දෙපාර්තමේන්තුව රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය. 
 
අද අලුයම කාලයේ පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රාගම දුම්රිය ස්ථානය ජලයෙන් යටවීම හේතුවෙන් දුම්රිය ගමන් ප්‍රමාද වූ බවත් ප්‍රකාශ කරන දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය අවලංගුවීම් සිදු නොවුණු බවත් ප්‍රකාශ කරයි. 
 

ඉන්දීය අමාත්‍ය ගෝපිනාත් මියයයි

පසුගිය සතියේ  ඉන්දීය  නව අමාත්‍ය මණ්ඩලයේ දිවුරුම් දුන් භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු මෙන්ම ග‍්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා වන ගෝපිනාත් මුන්ඬේ නවදිල්ලියේ අද (03) සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වුණා. 

අද උදෑසන 6.20 ට පමන එම අනතුර සිදු වූයේ ඒ මහතා දිල්ලි ගුවන්තොටුපල වෙත ගමන් ගනිමින් සිටියදීයි . 

වෛද්‍යවරුන් පවසා ඇත්තේ මෝටර් රථය අනතුරට පත්වූ අවස්තාවේ පිටුපස අසුනේ සිටි ඔහු කම්පනයට ලක්වී හෘදයාබාධයකට ගොදුරුවේ මිය ගිය බවයි . 

ඉන්දීය ධීවරයින් නිදහස් කරනවා - ජනපති

ජනාධිපතිතුමන් සිය Twitter පණිවිඩයක්  මගින්  සඳහන් කර ඇත්තේ  මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් 29 දෙනා වහාම නිදහස් කරන ලෙස තමන් උපදෙස් දුන් බවයි 

ඉන්දීය නව අගමැති නරේන්ද්‍ර මෝඩි වෙත ලිපියක් යොමු කරමින් පසුගියදා  තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් කියා සිටියේ අදාළ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වහාම මැදිහත් වන ලෙසයි .

ඒ අනුව දෙරට  අතර සබඳතාවය වර්ධනය කර ගැනීමට මෙම තීරණය ගත් බව ජනපති රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි .

අදාළ ඉන්දීය ධීවරයින් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය ඉරිදා අලුයම තලෙයිමන්නාරමට උතුරු මුහුදේ දීය .

කළමනාකරු පිරිමි දරුවා අපයෝජනය කරයි

12 හැවිරිදි පිරිමි දරුවෙකු අපයෝජනයට ලක්කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරු අද (2) කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්  කෙරුණා . එම පුද්ගලයා කන්තලේ ප්‍රදේශයේ රජයේ බැංකුවක කළමනාකාරවරයෙකු බවයි වාර්තා වන්නේ . අදාල පිරිමි දරුවා කන්තලේ මහ විද්‍යාලයක ශිෂ්‍යයෙකි .

මෙසේ අපයෝජනය වී ඇත්තේ තම පියාගේ බැංකු ගිණුමට අදාල කරුණක් සම්බන්ධයෙන් කතා කිරීමට  බැංකුවට පැමිණි අවස්තාවකදීය .

එම සැකකරු  විභාග කිරීමෙන් අනතුරුවලබන 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

Twitter යෝ හො(ර්)නී සිං ඝාතනය කරයි

Chennai Express චිත්‍රපටියෙන් රසිකයන්ගේ සිත් ආක්‍රමණය කල ඉන්දියාවේ සුපිරි RAP ගායක යෝ යෝ හො(ර්)නී සිං පසුගිය දිනක හදිසියේ ම මියගියා කියල twitter හි ඔහුගේ පිංතූරයක් සමඟ පළවෙලා තිබුන.මේ හේතුවෙන් යෝ යෝ හො(ර්)නී සිංගේ රසිකයන් ගොඩාක් දුක් වෙලා තියෙනවා .

නමුත් ඇත්තටම යෝ යෝ හො(ර්)නී සිංට එහෙම දෙයක් වෙලා නැහැ.ඔහු මේ වෙනකොට ඩුබායි වල සුවසේ ඉන්නව කියල තමයි අපිට දැනගන්න ලැබුනෙ.දැන් මේ හැම දෙයක් ම බොරු කියල ප්‍රසිද්ධ වෙලා ඉවරයි .

කෙසේ වෙතත් Twitter එක නිතරම මේ වගේ දේවල් වලින් රසික පිරිස් අතර තමන්ගේ නම ප්‍රසිද්ධ කරගන්න හදනව කියල තමා ඉන්දීය විද්වතුන් කියන්නෙ.මේ සිද්ධිය කලින් ඉන්දියාවෙ ආශා බෝස්ලේ ටත් ලතා මංග්ලෙශ්කාර් ටත් වෙලා තියෙනවලු twitter තුලින් . 

Sunday, June 1, 2014

වැස්සෙන් 12 ක් මරුට

දිවයින් පුරා අයහපත් කාලගුන තත්වය නිසා පුද්ගල අනතුර කිහිපයක්ද වාර්තා වී ඇත .එම සංඛ්‍යාව 12ක් වන අතර ඉන් මරණ 10ක්ම වාර්තා වන්නේ කළුතර දිස්ත්‍රික්කයෙනි .

කළුතර දිස්ත්‍රීක්කයේ අගලවත්ත, බුලත්සිංහල, මතුගම, වැලිපැන්න ප්‍රදේශවලින් එම මරණ වාර්තා වේ. 

බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අතුරුදන් වී ඇති අතර මාලබේ පොතුඅරාව ප්‍රදේශයේ නිවසක් මතට බැම්මක් කඩා වැටීම එම නිවසේ පදිංචිව සිටි යුවළක් ජිවිතක්ශයට පත්ව ඇත . 

ල ගැලීම් තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් විශාල පිරිසක් නිවාස වල සිරවී සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කළේය .

කොළඹ, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක වල ප්‍රධාන මාර්ග මෙන්ම අතුරු මාර්ග ද ජලයෙන් යටවී   ඇත .

ජල ගැලීම් නිසා සිර වී සිටින පුද්ගලයින් බේරා ගැනීමට නාවික හමුදාවේ හා ගුවන් හමුදාවේ කණ්ඩායම් 5ක් යොදවා ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

කොළඹ ,කළුතර, ගාල්ල ,මාතර සහ රත්නපුර දිස්ත්‍රික්ක වලටවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි. 

ජයලලිතා ධීවර ගැටලුව ගැන මෝඩි ට කියයි.

ඉන්දියාවේ හිටපු අගමැති මන් මෝහන් සිං මහතාගේ පාලන කාලයේ දි  නිසි විසඳුමක් නොලැබූ ඉන්දු - ලංකා ධීවර ගැටළුව සමනය කර දෙන්නැයි ඉල්ලමින් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා වෙත ලිපියක් යොමු කර තිබේ .

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධිවරයින් 33 දෙනා සහ නාවික යාත්‍රා 07 නිදහස් කර දෙන ලෙස එම ලිපියේ වැඩි දුරටත් සඳහන් කර තිබිණි .

දැනට දීර්ඝ කාලයක් මුළුල්ලේ පවතින ඉන්දු-ලංකා ධීවර ගැටළුව අවසන් කිරිමට ඍජු මැදිහත්වීමක් සිදුකරන ලෙසද එම මහත්මිය  මෙම ලිපිය මගින් අගමැතිතුමා දැනුවත් කර ඇත .

ඉන්දියාව ශ්‍රී ලංකාව අතර ඇති වූ ශක්තිමත් රාජතාන්ත්‍රික සබඳතාවය මෙවැනි සිදු වීමක් නිසා  පලුදු  කිරීමට ත්‍රස්ත හිතවාදී පිරිස් උත්සහගනිමින් සිටින බවක් දකින්නට ඇත 

දුම්රිය ගමනාගමනයට වර්ෂාවෙන් බාධා

පුත්තලම , උතුරු හා ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. අධික වර්ශාපතනය හේතුවෙන් රාගම දුම්රිය ස්ථානය ජලයෙන් යටවී තිබීම ඊට හේතුවයි . 
තවද දිවයිනේ ප්‍රදේශ රැසෙක අධික වර්ශාපතනයක් ඇති අතර  බස්නාහිර  හා  දකුණු ප්‍රදේශ වලටද එම තත්වය දැඩිව බලපා ඇත . 

එමෙන්ම  බෙන්තර ගඟ සහ ගිං ගඟ පිටාර ගැලීමෙන් පහත්බිම් කිහිපයක් සහ පිටිගල - මැටිවිලිය ඇල්පිටිය මාර්ගය, පිටිගල- උතුරු පිටිගල මාර්ගය හා පිටිගල - පැලවත්ත මාර්ගය යට වි ඇති අතර එහි ජල මට්ටම අඩි 04ක් පමණ වන බවද සඳහන් වෙයි.

මේ අතර පවතින සුළං ප්‍රවාහයේ අභිසාරි තත්ත්වය හේතුවෙන් දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වලත් වැසි සහිත කාලගුණික තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

අපරභාගයේ දි හෝ සන්ධ්‍යා කාලයේ දි ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත් වල තැනින් තැන වැසි ඇති වන අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි ඇති විය හැකි බව වාර්තා වේ.