Sunday, June 1, 2014

දුම්රිය ගමනාගමනයට වර්ෂාවෙන් බාධා

10:46 PM By Unknown No comments

පුත්තලම , උතුරු හා ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. අධික වර්ශාපතනය හේතුවෙන් රාගම දුම්රිය ස්ථානය ජලයෙන් යටවී තිබීම ඊට හේතුවයි . 
තවද දිවයිනේ ප්‍රදේශ රැසෙක අධික වර්ශාපතනයක් ඇති අතර  බස්නාහිර  හා  දකුණු ප්‍රදේශ වලටද එම තත්වය දැඩිව බලපා ඇත . 

එමෙන්ම  බෙන්තර ගඟ සහ ගිං ගඟ පිටාර ගැලීමෙන් පහත්බිම් කිහිපයක් සහ පිටිගල - මැටිවිලිය ඇල්පිටිය මාර්ගය, පිටිගල- උතුරු පිටිගල මාර්ගය හා පිටිගල - පැලවත්ත මාර්ගය යට වි ඇති අතර එහි ජල මට්ටම අඩි 04ක් පමණ වන බවද සඳහන් වෙයි.

මේ අතර පවතින සුළං ප්‍රවාහයේ අභිසාරි තත්ත්වය හේතුවෙන් දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වලත් වැසි සහිත කාලගුණික තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

අපරභාගයේ දි හෝ සන්ධ්‍යා කාලයේ දි ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත් වල තැනින් තැන වැසි ඇති වන අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි ඇති විය හැකි බව වාර්තා වේ. 

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න