Tuesday, April 22, 2014

අන්තර් ජාතික තරුණ සමුළුවට රටවල් 103ක සහභාගීත්වයක්.

1:04 AM By Unknown No comments


එළඹෙන මැයි මාසයේදී අන්තර්ජාතික තරුණ සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත් වීමට කටයුතු යොදා ඇත.ඒ අනුව පැවැත්වීමට නියමිත සමුළුව සඳහා සහභාගී වන බව රටවල් 103කට වැඩි ප්‍රමාණයක් සඳහන් කර ඇත.

එම සහභාගිවන පිරිස අතර අමාත්‍යවරුන් 40කට වැඩි දෙනෙක්ද, උසස් රාජ්‍ය නිලධාරීන් ද, රටවල් 103ක ජාතික තරුණ සංගම් නියෝජිතයින්ද වෙනත් සිවිල් සමාජ නියෝජනය කරන තරුණ නියෝජිතයින් 350කට වැඩි පිරිසක් ද වෙති.
එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේ සභාපති ආචාර්ය ජෝන් විලියම් ඇෂේ, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ තරුණ කටයුතු සඳහා වන විශේෂ නියෝජිත අහමඩ් අල් හෙන්දාවි සහ තවත් එක්සත් ජාතීන්ගේ නියෝජිත සංවිධානවල ප්‍රධානීන්ද මෙම සමුළුවට සහභාගි වන බව දන්වා ඇත.
 
 සමුළුව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මේලන ශාලාවේදී 2014 මැයි මස 06 වෙනිදා සිට 09 වෙනිදා සිට දක්වා පැවැත්වීමට නියමිතය. මෙම සමුළුවේ සමාරම්භක උත්සවය හම්බන්තොට පිහිටි රුහුණු මාගම්පුර ජාත්‍යන්තර සම්මේලන ශාලාවේදී මැයි 06 වන දින ආරම්භ කෙරේ. සමුළුවේ තේමාව “පශ්චාත් 2015 සංවර්ධන ක්‍රියාවලිය සඳහා තරුණ ජවය පෙරමුණු ගැන්වීම” යන්නයි.
 
මෙම සමුළුවට 1500 ‍දෙනෙකු සහභාගිවීමට නියමිත අතර ඉන් අඩක්ම වයස අවුරුදු 18 – 29 දක්වා වූ තරුණ තරුණියන්බව වාර්තා වේ. ඉන් 350 දෙනෙක් සංවර්ධනය වෙමින් පවතින රටවල් නියෝජනය කරති. 

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න