Thursday, April 10, 2014

මහේල ඉල්ලා අස්වෙයි!

මහේල ජයවර්ධන ඉල්ලා අස්වෙයි!ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක හිටපු නායක මහේල ජයවර්ධන පන්දු වාර 20 ජාත්‍යන්තර තරගවලින් සමුගැනීම සඳහා වන ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට භාර දී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ, මීට සුළු මොහොතකට පෙර එම නිල දැනුම් දීම ඔහු භාර දුන් බව ය.
මහේල ජයවර්ධන සිය ලිපිය භාර දී ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වාට ය.
පන්දු වාර 20 ලෝක කුසලානය ජය ගැනීමෙන් පසුව මෙරටට පැමිණ පැවැත්වූ මාධ්‍ය හමුවේදී තමන් සහ කුමාර් සංගක්කාර විවේනය කිරීම සම්බන්ධයෙන් මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයාට සහ ලේකම්වරයාට සිය අප්‍රසාදය පළ කළේ ය.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න