Saturday, April 12, 2014

ඇමරිකාවෙන් අවුරුද්දට සුභ පැතුම් !!!!

අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සියලූම ශ්‍රී ලාංකිකයින්ට අවුරුද්ද වෙනුවෙන් සිය සුභාශිංෂණ පල කර තිබේ. රාජ්‍ය ලේකම්වරයා පවසන්නේ සංහිඳියාව සහ සාමය නව වසරේ සෑම ශ්‍රී ලාංකිකයෙකුටම උදාවනු ඇති බවයි.

සමෘද්ධිමත් ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ කාර්යයයේදී සාමය සහ සෞභාග්‍ය පිරි නව වසරකට සුබ පැතුම් එක්කරන බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා  වැඩිදුරටත් නිවේදනය කරයි.

අමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා සහ අමෙරිකානු ජනතාව වෙනුවෙන් අලුත් අවුරුදු පණිවිඩයක් නිකුත් කරමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මේ බව සඳහන් කර තිබේ. 

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න