Monday, April 7, 2014

චෝදනාවෙන් ගැලවීමට පොලීසිය සූදානම්

12:21 AM By Unknown No comments




පුත්තලම - ආනන්ද ජාතික පාසලේ විදුහල්පතිවරයාට පසුගිය දා සිදුකර තිබූ පහරදීම ආණ්ඩුව විසින් සිදුකළ කි‍්‍රයාවක් බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා. එහි ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙම චෝදනාවෙන් ආණ්ඩුවට මිදීමට හැක්කේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම තුළින් බවයි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් පත් කර ඇති බවයි.


Source - http://www.hirunews.lk/

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න