Tuesday, April 15, 2014

වරිගපොජ්ජ Film එක ගැන (Kit Article)

2:38 AM By Unknown , No comments

මෙන්න වරිගපොජ්ජ Film  එකේ කතාව
අප‍්‍රාණික වු කැලෑරොදක් තුල වැදි තරුණයෙක් ඇවිද යැයි, ඔහු නමින් බිලාය. සුපරිඏාකාරිව ගස්වල මුල් පොතු එකතු කර ගෙන ඔහු ආපසු තම ගල්ගුහාව වෙත යයි. ගල් ගුහාවේ පියාත් (කෞවා*, නැගනියත් (හඳුනි* මැලවි ගිය මුහුණින් සිටිනා අතර අම්මා රෝගාතුරව සිය අවසානයට ලංව සිටි. ඔවුන්ගේ ප‍්‍රයන්ත අසාර්ථක වි ඇති බව පෙනේ. පියා පුතාට නික්ම යාම සඳහා සුදානම් වන ලෙස අණ කරයි.එකෙනෙහිම මවගේ මරණය සිදුවෙයි. නැගනිය හා පියා හක්‍ෂා වැටෙයි. රැුහේ චාරිත‍්‍රයට අනුකූලව සිය ගල් ගුහාව අතහැර නික්ම යාමට පෙර මිනිය වසා දැමිමට සුදානම් වෙයි. පියාට මිය ගිය බිරිඳගේ හේතා (මලගිය ඇත්තිය* මැවි පෙනෙයි. ඔහු ඉතා බියට පත්ව දරුවන්ද උනන්දු කරවා ගෙන කොළ අතු ගෙනැවිත් මිනිය වසා තම වාස භුමියෙන් නික්ම යාම අරඹන්නේ දියණියගේ අදිමදි කිරිම් හා ප‍්‍රශ්න කිරිම හමුවේය.
ගමන අතරමග දිගින් දිගටම පියාට මවගේ හේතා පෙනෙන අතර ඒ තැති ගැනිමද සමඟ මහ දුර ගෙවා ගෙන දිය පහරක් අසල ගල්ගුහාවකට පැමිණේ. පියා අණ කරනු ලබන්නේ අද ? එහි නැවතිමටය. මොහොතකින් කැලෑව තුලින් ශබ්දයක් ඇසි පියාගේ අවධානය එයට යොමු වන අතර කැලැය තුලින් නිට්ටෑවකු කඩා පනියි. (නිට්ටෑවා – වානර මිනිසෙක්, ලංකාවේ වඳ වි ගිය ජන වර්ගයක්* ඔහු නිට්ටෑවා මෙල්ල කර ගැනිමට උත්සහා කරන අතර දරුවන්ගේ මැදිහත් විම නවත්වයි. අවසානයේ කෞවා සිතන ආකාරයට මවගේ හේතාගේ මැදිහත් විමෙන් නිට්ටෑවා එළවා දමනු ලැබේ.
තිදෙනා ගිනි මැලයක් ගසා ගෙන සපයා ගත් ආහාර සකස් කරනු ලබයි. නමුත් කෞවා කෑම ප‍්‍රතිෙඏ්ප කරන අතර ඔහුටද අම්මාගේ අසනීපය සෑදි ඇති බව පෙනේ. පියා තම ආහාරයට දරුවන්ට බෙදා දි ඔවුන්ගේ ඉදිරි ගමන විස්තර කරයි. දෙදෙනා සහෝදරයන් නිසා කිසි කලෙක යුග දිවියට නොඑළඹිය යුතු බවට තරයේ අවවාද කරයි. රැහේ නිතිය එවැන්නන් මරා දැමිම බවද පවසයි. ඊළඟ රැුහැ තමන්ගේ වරිගයටම අයත් බවත් තම රැුහැයට සිදු වු දේ ගොස් ඔවුන්ට පවසන ලෙසත් දැනුවත් කරයි. කෞවා තම ගමන මෙතැනින් නවතන බව පවසන්නේ අම්මාගේ හේතා තමා සමඟ පැමිණ ඇති බව දැනුවත් කරමින්ය. හඳුනි පෙර රැුහේ සශි‍්‍රකත්වය මතකාවර්ජනය කරයි. පියා හැර දමා තමන් නොයන බව පවසයි. පිරිස හැක්‍ෂු කඳුලින් නින්දට යයි.
පසුදා උදෑසන අවදි වන විට පියා අතුරුදහන් වි ඇති අතර ඔහු හැර ගමන් ගැනිමට තීරණය කරන බිලා තම අණින් ගමන ආරම්භ කරයි. ඔවුන් දිය පහර, කඳු ශිඛර පසු කරමින් ගමන් කරයි. යළිත් නිට්ටෑවකු ඔවුන් ලුහු බඳිනු පෙනේ. එය නොදකින ඔවුන් ඉක්මනින් ගමන් කරයි. අතරමග වඳුරකු දඩයම් කරගත් සැනින් නිට්ටෑවා ඔවුන් වෙත කඩා වදියි. බිලා නිට්ටෑවට විද්දත් එය අසාර්ථක වන අතර දෙදෙනා බියෙන් දිව යන්නට පටන් ගනියි. නිට්ටෑවා ලුහු බඳියි. හඳුනි ගසක පැටලි ඇද වැටෙයි. නිට්ටෑවා ඇයට ලංවේ. කර ගත හැකි දෙයක් නොදකින බිලා තමා දඩයම් කරගත් වඳුරා නිට්ටෑවාට දමයි. නිට්ටෑවා එය සිය ආහාරය කොට ගනියි. බිලා හා හඳුනි එතැනින් මිදෙයි. හඳුනි ක්ලාන්ත වි ඇද වැටෙයි. බිලා දිය වත් කර හඳුනි සුව පත් කර ගනියි. හඳුනිගේ සිත තුල බිලා කෙරෙහි පේ‍්‍රමය හට ගනියි. ඇය තමාට අපහසු බව අඟවා උස් තැනක පිහිටි ගල් ගුහාවක නවති. බිලා හා හඳුනි එහි රාති‍්‍රය ගත කිරිමට දඩයම් සොයා ගිනි මැල ගසා සුදානම් වෙයි. හඳුනි බිලා තමා වෙත පොළඹවා ගැනිමට උත්සහ කරයි. ඇය සහෝදර සහෝදරියන් දීග නොයෑම පිළිබඳ ප‍්‍රශ්න කරයි. ඇයගේ උත්සහය අසාර්ථක වෙයි. බිලා ඇය මග හරියි.
පසුදා එළි වනවිට පියාගේ හේතා (මළවුන්* බිලා ඉදිරියේ පෙනි සිට ඔහුට ආවේශ වෙයි. එවෙලෙහිම නිට්ටෑවන් දෙදෙනෙකු ගල්ගුහා මුඛයට පැමිණෙයි. බිලා දැඤුු ශක්ති ආවේගයකින් නිට්ටෑවන් පසු පස එළවයි. නිට්ටෑවන් කෑලය තුලින් දිව යයි. අවසානයේ බිලා එකෙකුට විද මරා දමයි. අනෙකාට විදිම පියාගේ හේතා වලක්වයි. පියා මිය ගිය බව ප‍්‍රත්‍යඏ කර ගන්නා බිලා යළි පැමිණෙයි. හඳුනි ප‍්‍රශ්න කරයි. ඔහු පවසන්නේ ඊළඟ ගමට ගිය පසු කියන බවය. නමුත් හඳුනි එහි නොයන බවට අධිෂ්ඨාන කර ගනියි. ඔවුන් එක අම්මාගේ මුත් පියවරුන් දෙදෙනෙකුගේ විම නිසා ඇය ඇයගේ අභිප‍්‍රාය සාධාරණය කර ගනියි. බිලාගේ සිතුවිල්ල කෙසේ හෝ ඊළඟ රැුහැට යාම සහ එහෙන් දෙදෙනාට සුදුසු සහකරුවන් සොයා ගැනිමයි. ඇය දිය ලණුව හා බැඳුණු රැහේ චාරිත‍්‍ර මතකාවර්ජනය කරයි.
ඇය ජලයේ බැස ජල කි‍්‍රඩා කර නා කුල්මත්ව උඩුකය වස්ත‍්‍රය වෙනුවට මල් වලින් සැරසි පැමිණ දිය ලණුවක් සකස් කිරිමට උත්සහ කරයි. හඳුනිව සොයමින් පැමිණෙන බිලාගේ සිත ඇය දැකිමෙන් මඳක් කැළඹෙන නමුත් ඔහු එම සිතුවිලි කෙසේ හෝ මැද ගැනිමට උත්සහ කරයි. බිලා දිව ගොස් දිය ඇල්ලකට පැන ජලයට පහර දි තම සිත මැඩ ගනියි. එතැනට පැමිණෙන හඳුනි බිලා රවටා දිය ලණුව ඔහුගේ ඉහේ බඳියි. ඉන් කිපෙන බිලා හඳුනි හා බහින්බස් වෙයි. හඳුනි පවසන්නේ ඔවුන් පියවරුන් දෙදෙනෙකු ගේ බවයි. බිලා එම පියවරුන් දෙදෙනා සහෝදරයන් බව පවසයි. සංවාදය උචිච වි බිලා ගලක් ගෙන හඳුනිගේ හිසට පහර දිමට සැරසෙයි. කෞවාගේ හේතා එය නවතාලයි. බිලා හඳුනිව ගැට ගසා ගල් ගුහාවක සිර කර හේතා පෙන්වු දිශාවට දිව යයි. හඳුනි හක්‍ෂා වැටෙයි.
අතරමගදි බිලා ඊතල වරුසාවකට මැදිවන අතර ඔහුට බලාපොරොත්තු වු රැහැ හමුවේ. රැහේ කැකුලෙක් හඳුනි රැගෙන ඒමට දිව යයි. බිලා සශි‍්‍රක ජනපදයකට පැමිණෙයි.
වරිගපොජ්ජ ගීතය

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න