Monday, April 7, 2014

මොකක්ද මේ KIT ?

12:16 AM By Unknown No comments

අපි  කෙලින්ම කියන්නම් . මේක තමයි අපි දාන පලවෙනි Post එක . දැන් ගොඩක් අය  News බලන්න TV එක ඉස්සරහ ඉදගන්නේ කලාතුරකින් . හැබැයි නිතරම Facebook යන  නිසා ලෝකේ වටේ වෙන දේවල් ඉක්මනින් දැනගන්න අපිට පුලුවන් . ඒ  කියන්නේ දැන් මුලු  ලෝකෙම වගේම අපේ රටෙත් Web Site වලින් News  කියවන ප්‍රවණතාව වැඩි වෙලා . ඒක නිසා තමන්ගෙ  වෙලද අරමුනු ජයගන්න  ඒ Web Site වලට පුලුවන් වෙලා තියෙනව  වගේම ඔනේ මොනාද නැත්තේ මොනාද කියල සමහර අයට අමතකත් වෙලා . අපි හිතන විදියට දැන් තරුණ පරපුර ගොඩක් දැනුවත් . අපි හිතාගෙන ඉන්නේ ඒ තරුණ පරපුරට ගැලපෙන විදියට මේ Web Site එක කරගෙන යන්න . ඒකට  අපිව කියවන  බලන  හැමෝගෙම උදව් අපිට ඔනේ . අපි දකින විදියට News ප්‍රචාරය කරද්දි Web Site තරම් සජීවි මාධ්‍යයක් වෙන නෑ . මොකද අපි  කියන  දේවල් වලට  ප්‍රතිචාර ක්ශනයකින් ලබා දෙන්න අපේ පාඨකයන්ට පුලුවන් .ඒ  නිසා තමයි අපි හිතාගෙන  ඉන්නේ ඒ තරම් සජීවි විදියට මේ Site එක කරන්න පුලුවන් කියල . ඒ වගේම  එහෙම සන්නිවේදනයකින් විචාරශීලි ග්‍රාහක පිරිසක් බිහි වෙනව කියල  සන්නිවේදනය  ඉගෙන ගත්ත පිරිස නම් හොදට දන්නව .ඉතින් අපේ අරමුන විචාරශීලි තරුණ ග්‍රාහක පිරිසක් බිහි කරන එක . බය  වෙන්න  එපා අපි තරුන  හදවත්  හොදට අදුරනවා

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න