Tuesday, April 15, 2014

ඇහැලේපොළ කුමාරිහාමි රූ ගැන්වීමේ

3:46 AM By Unknown , No comments

ඇහැලේපොළ කුමාරිහාමි කියන්නේ මෙරට නිෂ්පාදනය වන තවත් ඓතිහාසික කතා පුවතක් රැගත් දැවැන්ත සිනමාපටයක්.මේ චිත්‍රපටය මීට පෙර අතිසාර්ථක අයුරින් තිරගත වු විජය කුවේණි චිත්‍රපටයේ අධ්‍යක්ෂකරයා වන සුගත් සමරකෝන් හා එහි නිෂ්පාදක ගයාන් රනධීර යන දෙපලගේම නිර්මාණයක්.පෙර චිත්‍රපටය සේම මේ සිනමාපටයේද ප්‍රධාන චරිතයට පණ පොවන්නේ දුලානි අනුරාධයි.රජ කෙනෙක් යටතේ මෙරට එක් සේසත්ව තිබුණු අවසන් කාල සීමාවේ ලංකාවේ සිදුවේ මිලේඡ්ච ඝාතනයන් රැසක් අන්තර්ගත වන මෙම සිනමාපටයේ ඇහැළේපොල පවුල කෘෘර ලෙස මරා දමන අයුරුද අන්තර්ගතයි.මේ දර්ශන චිත්‍රපටය සඳහා ඉතාමත් තාත්වික විදියට මේ නිර්මාණකරුවන් ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා.ඒ වගේම මේ දර්ශන රූ ගැන්වන මොහේතේදී හරි අපුරු සිදුවීම් රැසක්මත් සිදුවෙලා තියෙනවා.මේ මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂක දැක්වු අදහස් වලින් කිහිපයක්.
‘හරිම පුදුම සිද්ධි ටිකක් වුණා. මද්දුම බණ්ඩාරගේ හිස ගසා දමන දර්ශනය තිබුණේ බතලෙගොඩ වැව ළඟ. දර්ශනයට ඔක්කොම සූදානම් කළා. හැමෝම ඉතාම කැපවීමෙන් රූගත කිරීම් ඇරැඹුවා. හිස ගසා දමන දර්ශනය ඉවර වුණා විතරයි මහා වරුසාවක් කඩා පාත්වුණා. දර්ශනය රූගත කරන තැන සේදිලා යනකල්ම අනෝරා වැස්සක් වැටුණා. ඒ වගේම කුමාරිහාමි දියේ ගිල්වන දවසේ කාලෙකට පස්සේ ඒ පළාතට වැස්සා. මේක පුදුම ආශ්චර්යමත් සිද්ධියක්.
‘ එක දවසක් තිබුණා රජතුමාගේ ඔටුන්න ගැලවිලා වැටෙන දර්ශනයක්. එක පාරටම රජතුමාගේ ඔටුන්න ගැලවිලා වැටුණා. ඔටුන්න වැටෙන කොටම එතන හිටිය කෙනෙකුගේ සළුවක් බිම වැටිලා ඔටුන්න වැටුණේ ඒකෙ උඩට. අපි රූගත කිරීම් නවත්තලා බොහෝ වෙලා ඒ ගැන කතා කළා. මේ චිත්‍රපටයේ ඇතුළේ පුදුම සහගත සිද්ධි කිහිපයක්ම වුණා




0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න