Wednesday, April 16, 2014

ත්‍රස්වාදී සංවිධානයක් ලෙස බොදු බල සේනාව නම් කරයි.

ලෝකයේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වා ඒ පිලිබඳ තක්සේරු කරන ප්‍රධානතම සංවිධානය වන 'ටෙරරිසම් රිසර්ච් ඇන්ඩ් ඇනලසිස් කොන්සෝටියම්' (Terrorism Research & Analysis Consortium) හෙවත් 'ට්‍රැක්' (TRAC) ආයතනය විසින් ශ්‍රී ලංකාවේ බොදු බල සේනා සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබෙනවා.
බොදු බල සේනා සංවිධානය ශ්‍රී ලංකාවේ මුස්ලිම්, කතෝලික සුළුතර ආගමිකයන්ට එරෙහිව වෛරී ආකාරයෙන් හැසිරෙමින් ඔවුන්ට එරෙහිව ප්‍රහාර විශාල ප්‍රමාණයක් එල්ල කර ඇතැයි 'ට්‍රැක් සංවිධානය' පවසනවා. බොදු බල සේනා සංවිධානය ශ්‍රී ලංකාවේ රජය සමග සමීපව ක්‍රියා කරන බවද ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ සදහන්.
බොදු බල සංවිධානයේ ගලගොඩ අත්තේ ඥානසාර හිමි 'ප්‍රජාතන්ත්‍රවාදීන් කියා ගන්නා අය සිංහල ජාතිය විනාශ කරනවා' යනුවෙන් කියා ඇතැයි උපුටා දක්වන 'ට්‍රැක් සංවිධානය' ඥානසාර  හිමි ලෝකයම පිලිකුල් කරන බුරුමයේ 'අෂින් විරතු' නම් මිනීමරුවාදය පතුරුවන චීවරධාරියා හමුවීම දැක්වෙන සේයාරුවක් ද එකී වාර්තාවේ පළ කර තිබෙනවා.


0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න