Tuesday, April 15, 2014

කිරි වෙහෙර මුදුනෙන් කිරි වැගිරෙන ආශ්චර්ය !!!

ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර චෛත්‍යයෙන් කිරි පැහැයට හුරු ද්‍රාවණයක් වැගිරීමේ පුවතක් ඊයේ වාර්තා වුණා. ඊයේ (14/04/2014) උදෑසන 10.17 ට යෙදුණු ආහාර පිසීමේ සුබ නැකතත් සමග මෙම සිදුවීම සිදුවූ බවයි කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් සඳහන් කළේ. ආහාර පිසීමේ නැකත උදාවීමත් සමග කිරිවෙහෙර චෛත්‍යය වටා ප‍්‍රදේශවාසීන් සහ පැමිණ සිටි බැතිමතුන් කිරි ඉතිරවීම සිදුකර තිබෙනවා. එම අවස්ථාවේදී චෛත්‍යය රාජයාණන් වහන්සේගේ කොත් කැරැල්ල ආසන්නයෙන් කිරි පැහැයට හුරු ද්‍රාවණය වැගිරී ඇතැයි වාර්තා වෙයි.

කිරිවෙහෙර නායක පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ අවුරුදු 43 කට පසුව පුර පසළොස්වක පොහොයත් පුණ්‍ය කාලයත් එකට උදා වීම ඉතාමත් බලගතු සිදුවීමක් බවත්, මෙම ආශ්චර්යමත් සිදුවීම මීට අවුරුදු 43 කට පෙරද සිදුවී ඇති බවත් ය.

"කිරි වෙහෙර" ට එලෙස නම තැබීමටත් මෙවන් හේතුවක් ඇත. සිදුවීම බලා සිටි බොහෝ බැතිමතුන් පැවසූයේ බෞද්ධ දෙවිවරුන් විසින් කිරි වෙහෙරට කිරි වලින් පූජා පවත්වමින් පින් රැස් කර ගැනීම අරුමයක් නොවන බවයි.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න