Thursday, April 10, 2014

අතුරුදන් යානයේ කළු පෙට්ටියෙන් සංඥා යලිත් !!!

missing malaysian aircraft
අතුරුදන්වූ ගුවන් යානයේ කළු පෙට්ටියෙන් නිකුත් වූ බවට අනුමාන කළ හැකි තවත් සංඥා දෙකක් අගහරුවාදා සවස සහ මධ්‍යම රාත්‍රියේ ලැබී ඇතැයි පර්යේෂකයෝ කියති. මේ සංඥා දෙක ග්‍රහණය කරගෙන ‍ඇත්තේ ඕස්ට්‍රේලියාවට අයත් ඕෂන් ෂීල්ඩ් නමැති නෞකාවෙනි. ඉන්දියන් සාගරයේ ඕස්ට්‍රේලියාවට බටහිරින් මේ යාන‍ය ගැන සොයා බැලීමට ගුවන් යානා 15ක් හා නෞකා 14ක් යොදවා ඇති අතර ඒවා මගින් වර්ග කිලෝ මීටර 756,000ක පමණ ප්‍රදේශයක සෝදිසි සිදුකරනු ලබයි.
මෙම සංඥා දෙකෙන් පළමු සංඥාව මිනිත්තු පහයි තත්ත්පර 32 ක කාලයක් පැවති බවත් දෙවැනි සංඥාව මිනිත්තු හතක් පැවති බවත් ඕස්ට්‍රේලියා බලධාරීන්  ප්‍රකාශකැර ඇත

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න