Showing posts with label විදේශීය. Show all posts
Showing posts with label විදේශීය. Show all posts

Monday, June 2, 2014

ඉන්දීය අමාත්‍ය ගෝපිනාත් මියයයි

පසුගිය සතියේ  ඉන්දීය  නව අමාත්‍ය මණ්ඩලයේ දිවුරුම් දුන් භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු මෙන්ම ග‍්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා වන ගෝපිනාත් මුන්ඬේ නවදිල්ලියේ අද (03) සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වුණා. 

අද උදෑසන 6.20 ට පමන එම අනතුර සිදු වූයේ ඒ මහතා දිල්ලි ගුවන්තොටුපල වෙත ගමන් ගනිමින් සිටියදීයි . 

වෛද්‍යවරුන් පවසා ඇත්තේ මෝටර් රථය අනතුරට පත්වූ අවස්තාවේ පිටුපස අසුනේ සිටි ඔහු කම්පනයට ලක්වී හෘදයාබාධයකට ගොදුරුවේ මිය ගිය බවයි . 

Sunday, June 1, 2014

ජයලලිතා ධීවර ගැටලුව ගැන මෝඩි ට කියයි.

ඉන්දියාවේ හිටපු අගමැති මන් මෝහන් සිං මහතාගේ පාලන කාලයේ දි  නිසි විසඳුමක් නොලැබූ ඉන්දු - ලංකා ධීවර ගැටළුව සමනය කර දෙන්නැයි ඉල්ලමින් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා වෙත ලිපියක් යොමු කර තිබේ .

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධිවරයින් 33 දෙනා සහ නාවික යාත්‍රා 07 නිදහස් කර දෙන ලෙස එම ලිපියේ වැඩි දුරටත් සඳහන් කර තිබිණි .

දැනට දීර්ඝ කාලයක් මුළුල්ලේ පවතින ඉන්දු-ලංකා ධීවර ගැටළුව අවසන් කිරිමට ඍජු මැදිහත්වීමක් සිදුකරන ලෙසද එම මහත්මිය  මෙම ලිපිය මගින් අගමැතිතුමා දැනුවත් කර ඇත .

ඉන්දියාව ශ්‍රී ලංකාව අතර ඇති වූ ශක්තිමත් රාජතාන්ත්‍රික සබඳතාවය මෙවැනි සිදු වීමක් නිසා  පලුදු  කිරීමට ත්‍රස්ත හිතවාදී පිරිස් උත්සහගනිමින් සිටින බවක් දකින්නට ඇත 

Monday, May 26, 2014

ඉන්දීය නව අගමැති අද දිවුරුම් දෙයි


ඉන්දියාවේ පහළොස්වන අගමැතිවරයා ලෙස ඉන්දීය භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ අගමැති අපේක්ෂකයා වශයෙන් පසුගිය දා පැවැති ඉන්දීය මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් ඉන්දීය නව අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමා නවදිල්ලියේ දී අද (26) දිවුරුම් දීමට නියමිතය. 

ඉන්දීය නව අගමැතිවරයාගේ ආරාධනය අනුව  ශ්‍රී ලංකා ජනාධිපති, පොදුරාජ්‍ය මණ්ඩලයේ සභාපති, මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ කලාපීය රාජ්‍ය නායකයන් රැසක් සහභාගිවීමට නියමිතය

පසුගිය දා අවසන් වූ ඉන්දීය මහ මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය ආසන 282ක් ජයග්‍රහණය කළ අතර එම පක්ෂය ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඇතුළු පක්ෂ සමඟ සන්ධාන ගතවීමෙන් හිමිකර ගෙන තිබෙන ආසන සංඛ්‍යාව 339කි.

Wednesday, May 21, 2014

ලෝක ජෛව විවිධත්ව දිනය අදයි

"සාගර ජෛව විවිධත්වය" ලෙස තේමා කර ගත් ලෝක ජෛව විවිධත්ව දිනය අදට යෙදී තිබෙනවා . ලෝක පරිසරයට හානි නොකර කටයුතු කිරීම ජනතාවගේ යුතුකමක් බව පරිසරවේදීන් අවදාරණය කරනවා

Friday, May 16, 2014

ලා ඕස ආරක්ෂක ඇමතිවරයා ගමන් ගත් ගුවන් යානය කඩා වැටේ


ලා ඕසයේ ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ගමන් කළ ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා. ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු 20 දෙනෙකු එහි ගමන් කර ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. ලා ඕස ගුවන් හමුදාවට අයත් මෙම යානය උතුරු තායිලන්තයේදී මෙලෙස කඩා වැටී ඇති බව තායිලන්ත විදේශ අමාත්‍යාංශය තහවුරු කළා. එහි ගමන් කළ පිරිසට සිදුවු හානිය පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නැහැ.

එල්.ටී.ටී.ඊ. සංවිධානය තවත් අවුරුදු 05කට ඉන්දියාවේ තහනම්


ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය තවත් අවුරුදු 05ක් යනතුරු තහනම් සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

1967 වර්ෂයේ ඉන්දියාවේ පනවන ලද නීති විරෝධී ක්‍රියාවන් මැඩ පැවැත්වීමේ පනත යටතේ එල්.ටී.ටී.ඊ. සංවිධානය තවදුරටත් පසුගිය 14 වන දින සිට ඉදිරි අවුරුදු 05ක කාලයක් සඳහා තහනම් හා නීති විරෝධී සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

1991 වසරේදී හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා එල්.ටී.ටී.ඊ.ය විසින් ඝාතනය කරනු ලැබීමෙන් අනතුරුව ඉන්දියාව තුළ එම සංවිධානය ප්‍රථම වරට තහනම් සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය. නැවත 2012 මැයි මාසයේදී එම තහනම දීර්ඝ කරනු ලැබීය. එම අවුරුද්දේ නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව ශ්‍රී ලංකාවේ බිහිවී තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ආධාරකරුවන්, අනුගාමිකයන් හා නියෝජිතයන් ඉන්දියාවේද සිටින බවත් ඔවුන්ගේ අභිප්‍රාය වනුයේ ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් වෙනම ඊලාම් රාජ්‍යයක් බිහිකිරීම බවත් සඳහන් කර තිබූ අතර එය නීති විරෝධී මෙන්ම ඉන්දියාවේ භෞමික ඒකාග්‍රතාවට ඉමහත් තර්ජනයක් වන බව ද සඳහන් කර තිබුණි.

ශ්‍රී ලංකාව තුළ 2009 වර්ෂයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත්වීමෙන් පසුව පවා එකී සංවිධානය විසින් වෙනම ඊලාම් රාජ්‍යයක් බිහිකිරීමේ සංකල්පය අතහැර නැති බවත් ඔවුන් සතු අරමුදල් තවදුරටත් ලෝකයේ විවිධ රටවල්වල සිටින සිය ආධාරකරුවන් මාර්ගයෙන් තරකරමින් තවදුරටත් නීති විරෝධී ක්‍රියා සිදුකරමින් නැවත ක්‍රියාකිරීම ආරම්භ කර ඇති බවද පවසා ඇති මේ නිවේදනයේ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් මෙන්ම විශේෂයෙන්ම ඉන්දියාවේ තමිල්නාඩුව තුළ සිටින ජනතාවගේ සහයෝගය ලබාගනිමින් හා විශ්වාසය දිනා ගනිමින් විවිධ ස්ථානයන්හි නීති විරෝධී ක්‍රියාවන් සිදුකරමින් එකී සංවිධානය නැවත බල ගැන්වීමට ක්‍රියාකරන බවද සඳහන් කර සිටී.

එසේම ලෝකයේ විවිධ ප්‍රදේශවල විසිරී සිටින ද්‍රවිඩ ඩයස්පෝරාව විසින් අන්තර්ජාලය හරහා එල්.ටී.ටී.ඊ. හිතවාදී විවිධ ලිපි ප්‍රචාරය කරමින් ඉන්දියාව තුළ සිටින සමහර දේශපාලන නායකයන්ගේද සහය ඇතිව ශ්‍රී ලංකාවේ වෙසෙන ද්‍රවිඩ ජනතාව තුළ ශ්‍රී ලංකාව විසින් එකී ත්‍රස්තවාදය තුරන් කිරීමේදී ඊට එරෙහිව ක්‍රියානොකිරීම පිළිබඳව ඉන්දියානු විරෝධී හැඟීම් ඇති වන ආකාරයේ ක්‍රියාදාමයක නිරත වී ඇති බවද මෙම නිවේදනය මඟින් සඳහන් කර ඇත. මෙම ක්‍රියාදාමය හේතුවෙන් ඉන්දියාවේ සිටින විශේෂිත පුද්ගලයන්ගේ ජීවිතවලට තර්ජනයක් එල්ල වී ඇති බවද මෙම ලිපිය මඟින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

මවගෙන් ආශිර්වාද ලබා ගත් ඉන්දීය නව අගමැති


ජයග‍්‍රහණයෙන් පසු නරේන්ද්‍ර මෝඩි සිය මව හමුවී ආශිර්වාද ලබාගෙන තිබෙනවා. මෝඩි සිය 92 හැවිරිදි මව වාසය කරන නිවසට ගොස් මෙලෙස ආශිර්වාද ලබා ගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. අති බහුතර ජයක් හිමි කර ගනිමින් ඉන්දියාවේ මීළඟ අග‍්‍රාමාත්‍ය ධුරයට නරේන්ද්‍ර මෝඩි පත්වීම මේ වනවිට සහතික වී තිබෙනවා. එමෙන්ම, මෙවර මැතිවරණයෙන් තමන් ලැබූ පරාජය භාර ගන්නා බව කොංග‍්‍රස් පක්ෂය ප‍්‍රකාශ කර අවසන්. වෙනත් පක්ෂයක සහායකින් තොරව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය ආසන සංඛ්‍යාව වන ආසන 272 ඉක්මවීමට භාරතීය ජනතා පක්ෂය සමත්වීම ද විශේෂත්වයක්. ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව 543 ක්.

එංගලන්තයේ වෙසක්

 
සම්බුදු තෙමගුල සැමරීම වෙනුවෙන් එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද සංඝගත දක්ෂිණාවක් ඊයේ (14) එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.
 
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකාවාසීන්ට සෙත් පැතීමද මෙහිදී සිදු වූ අතර භික්ෂූන් වහන්සේලා විසිනමක් විෂයෙහි මෙම සංඝගත දක්ෂිණාව පැවැත්විණි.
 
මෙයට අමතරව මහකොමසාරිස් කාර්යාලය පරිශ්‍රය වෙසක් කූඩු හා බෞද්ධ ධජවලින්ද අලංකාරවත් ලෙස සරසා තිබුණි.
 

ඉන්දියාවේ නව අගමැති නරේන්ද්‍ර මෝඩි.


අති බහුතර ජයක් හිමි කර ගනිමින් ඉන්දියාවේ මීළඟ අග‍්‍රාමාත්‍ය ධුරයට නරේන්ද්‍ර මෝඩි පත්වීම මේ වනවිට සහතික වී තිබෙනවා. එමෙන්ම, මෙවර මැතිවරණයෙන් තමන් ලැබූ පරාජය භාර ගන්නා බව කොංග‍්‍රස් පක්ෂය ප‍්‍රකාශ කළා. ආසන 543 කින් ආසන 331 ක් ලබා ගනිමින් ඉදිරියෙන් පසුවීමට භාරතීය ජනතා පක්ෂය සමත්ව ඇති අතර, කොංග‍්‍රස් පක්ෂයට ආසන 62 ක පමණක් ඉදිරියෙන් පසුවීමට හැකිවී තිබෙනවා. මේ අතර, භාරතීය ජනතා පක්ෂයේ අගමැති අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි, කොංග‍්‍රස් පක්ෂයේ අගමැති අපේක්ෂක ලෙස තරඟ වැදුණු රාහුල් ගාන්ධි, භාරතීය ජනතා පක්ෂයේ එල්.කේ. අද්වානි, රාජ්නාත් සිං සිය මැතිවරණ කොට්ඨාශ ජය ගැනීමට සමත්වුණා.  මේ අතර, තමිල්නාඩු ප‍්‍රාන්තයේ බහුතර බලය දිනා ගැනීමට මහඇමතිනි ජයලලිතා ජයරාම්ගේ නායකත්වයෙන් යුත් ඒ.ඞී.එම්.කේ පක්ෂයට හැකිවී තිබෙන අතර, ඔවුන් ආසන 36ක ඉදිරියෙන් පසුවන්නේ සමස්ත මහමැතිවරණයේ තුන්වැනි බලවේගය බවට පත්වෙමින්. එහෙත්, නරේන්ද්‍ර මෝඩිට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජයලලිතාගේ සහය අවශ්‍ය නොවන බවයි වාර්තා වන්නේ.  මේ වනවිට නවදිල්ලි නුවර පිහිටි භාරතීය ජනතා පක්ෂ කාර්යාලයට රැස්ව සිටින ආධාරකරුවන් ජය සමරමින් ප‍්‍රීති ඝෝෂා පවත්වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. මේ අතර, ඉන්දියාව පුරා භාරතීය ජනතා පක්ෂ ආධාරකරුවන් බෙර වාදනය කරමින් ලඞ්ඩු වැනි රසකැවිලි බෙදමින් ජය සමරන බව ද සඳහන්. කෙසේ වුවත්, පරාජය සම්බන්ධයෙන් කොංග‍්‍රස් නායිකා සෝනියා ගාන්ධි අද පස්වරුවේ ප‍්‍රකාශයක් කිරීමට නියමිතයි.

Saturday, May 10, 2014

කොළඹ ප‍්‍රකාශනය එළි දැක්වේ


පුරා දින 4ක් ශ‍්‍රී ලංකාවේ පැවැත්වුණු 15 වන ලෝක තරුණ සමුළුව අද (10) සමාප්ත වනවා. සමාප්ති උළෙලට සමගාමීව, තරුණයන් පිළිබඳ කොළඹ ප‍්‍රකාශනය ද අද එළිදැක්වුණා. එම ප‍්‍රකාශනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන විසින් යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වෙත මහරගම තරුණ සේවා සභාවේදී අද පිරිනමනු ලැබුවා. 

2015න් පසු සහස‍්‍ර සංවර්ධන ඉලක්ක ජය ගැනීම උදෙසා තරුණයන්ගේ කාර්ය භාරය තේමා කර ගත් කොළඹ ප‍්‍රකාශනය තේමා 7ක් යටතේයි එළිදක්වනු ලැබුවේ. යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම එහිදී කියා සිටියේ මෙම ප‍්‍රකාශනය මගින් තරුණ තරුණියන්ගේ ආකල්ප, සන්නිවේදනය සහ සමගියෙන් එකට වැඩ කිරීමේ හැකියාව වර්ධනය කිරීමේ පියවර ඉදිරිපත් වන බවයි.

Friday, May 9, 2014

තරුණ සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක්


2014 ‍ලෝක තරුණ සමුළුව පැවැත්වෙන කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මාධ්‍ය මධ්‍යස්ථානය ඉදරිපිට තරුණ විදේශ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් උද්ඝෝෂණයක් අද පැවැත්විය.ඒ, නයිජීරියාවේ බොකෝහරාම් සටන් කාමීන් විසින් ප්‍රාණ ඇපයට ගෙන සිටින පාසල් සිසුන් 300 කට අධික පිරිස නිදහස් කරන්නැයි ඉල්ලා සිටිමින් ය. විරෝධතා පුවරු රැගත් එම පිරිස සමුළු සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටි‍යේ සමුළුවට සහභාගී වී සිටින නියෝජිතයින් මේ පිළිබදව ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානයට යොමු කළ යුතු බව ය

Thursday, May 8, 2014

තායිලන්ත අගමැතිනියට දුෂණ චෝදනා


තායිලන්ත ව්‍යවස්ථාදායක අධිකරණය විසින් බලයෙන් පහකිරීමට ඊයේ (07) නියෝග කළ අගමැතිනි යින්ලක් ෂිනවත‍්‍රාට එරෙහිව එරට අල්ලස් දූෂණ විමර්ෂණ කොමිසම මඟින් දූෂණ චෝදනා ගොනුකර තිබෙනවා. ඒ, මතභේදයට ලක්වු තායිලන්තයේ සහල් සහනාධාර වැඩසටහන මුල්කරගනිමින්. තායි ගොවීන්ගෙන් වැඩි මිලට සහල් මිලදී ගැනීම සඳහා අගමැතිනි යින්ලක් ෂිනවත‍්‍රා ආරම්භ කළ යෝජනා ක‍්‍රමය මගින් දූෂණ සිදුව ඇති බවටයි චෝදනා එල්ල වන්නේ. මෙම චෝදනා මුලින්ම තායිලන්ත සෙනෙට් සභාවේ ඡන්දයකට යොමු කෙරෙනු ඇති. එහිදී ඇය දෝෂාභියෝගයට ලක්වුවහොත් වසර 05 ක් යනතුරු දේශපාලන කටයුතුවල නිරත වීම තහනම් වනවා.

පාකිස්ථානයේදී ඇමෙරිකානු එෆ් බී අයි ඔත්තුකරුවෙකු අත්අඩංගුවට.



ඇමෙරිකාවේ එෆ් බී අයි ඔත්තු සේවයේ ඔත්තුකරුවෙකු පාකිස්ථානයේ - කරච්චි නුවර ගුවන්තොටුපලේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ගමන්මළු තුල පිස්තෝල සඳහා යොදා ගන්නා උණ්ඩ 15 ක් ද තිබූ බවටයි විදෙස් වාර්තා පවසන්නේ. කෙසේ වෙතත්, ඉස්ලාමාබාද් නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් අත්අඩංගුවට ගත් පුද්ගලයා එෆ්.බී.අයි. ඔත්තුකරුවෙකු බවට සනාථ කර තිබෙනවා. ඔහු සුළු මෙහෙයුමක් සඳහා සහභාගි වූවෙකු බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. කෙසේ වුවත්, කරච්චි නුවර දිසා අධිකරණය මෙම එෆ්.බී.අයි ඔත්තුකරුවා ලබන සෙනෙසුරාදා දක්වා රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට පාකිස්ථානු ආරක්ෂක අංශ වෙත අවසර ලබාදී තිබෙනවා.

Wednesday, May 7, 2014

අධ්‍යාපනය ලැබීමට ලොව හොඳ ම රටවල් 20


2014 වසරේ ලොව හොඳ ම අධ්‍යාපන ක්‍රියාවලිය සහිත රටවල් ශ්‍රේණිගත කර තිබේ.
එම ශ්‍රේණිගත කිරීම් අනුව ලොව හොඳ ම අධ්‍යාපන ක්‍රියාවලිය සහිත රට වන්නේ, දකුණු කොරියාව යි.
ලොව හොඳ ම අධ්‍යාපන ක්‍රියාවලිය සහිත රටවල් 20 පහත දැක්වේ.

දකුණු කොරියාව
ජපානය
සිංගප්පූරුව
හොං කොං
ෆින්ලන්ඩ්
එක්සත් රාජධානිය
කැනඩාව
නෙදර්ලන්තය
අයර්ලන්තය
පෝලන්තය
ඩෙන්මාර්ක්
ජර්මනිය
රුසියාව
අමෙරිකාව
ඔස්ට්‍රේලියාව
නවසීලන්තය
ඊශ්‍රායල්
බෙල්ජියම
චෙක් ජනරජය
ස්විට්සර්ලන්තය

තාක්ෂණය නොමැතිව කිසි දෙයක් කළ නොහැකියි

තාක්ෂණය නොමැතිව කිසිදු කාර්යයක් සිදු කළ නොහැකි බවත් ඉදිරි අනාගතයේ දී එය තව තවත් අත්‍යවශ්‍ය දෙයක් වන බවත් එක්සත් ජාතීන්ගේ සංගමයේ සභාපති ජෝන් විලියම් ඈෂ් (Dr. John W. Ashe) මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (07) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි 2014 තරුණ සමුළු මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි. මෙහිදී දේශීය මෙන්ම විදේශීය මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයන්ට ඒ මහතා පිළිතුරු ලබා දුන්නේය. මෙවර තමන් ශ්‍රී ලංකාවට පැමිණියේ පළමු වතාවට බව පෙන්වා දුන් ඒ මහතා මෙම සමුළුව ශ්‍රී ලංකා රජය විසින් ඉතා සාර්ථකව සංවිධානය කොට ඇති බව පෙනෙන බවත් පැවසීය. මෙම තරුණ සමුළුව හරහා සාකච්ඡාවන්ට ලක්කරනු ලබන කාරණාවන් ඉදිරි අනාගතයේ දී තරුණයන්ගේ මෙන් ම කාන්තාවන්ගේ අනාගතය සුබදායක කිරීමට ඉවහල්වනු ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Friday, May 2, 2014

MH370 නියමුවා පාලක මැදිරිය අමතයි


පසුගියදා මැලේසියාවේදී අතුරුදන් වූ MH370 ගුවන් යානයේ සංඥා පද්ධතිය විසන්දි වීමට පෙර පාලක මැදිරිය හා යානය  අතර ඇති වූ සංවාද හඩ පටය ජනතාවට නිකුත් කර ඇත.

යානය අතුරුදන් වූයේ පසු ගිය 8 වනදා වන අතර මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය කරගෙන නොමැත

(එම හඩ පටය පහතින් දැක්වේ)




රටවල් 159ක් ලෝක තරුණ සමුළුවට

ලෝක තරුණ සමුළුව සඳහා රටවල් 159 සහභාගී වන බව තහවුරු කර ඇතැයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කර ඇත. ලෝක තරුණ සමුළුව මැයි මස 6වන දින පැවැත්වේ

Thursday, April 24, 2014

චාර්ල්ස් කුමරුගේ මස්සිනා මරු තුරුලට.


බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් කුමරුගේ බිරිඳ වන කැමිලා පාකර්ගේ සොහොයුරා හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අමෙරිකාවේ හෝටලයක් තුළ වැටීමෙන් පසුව හිසට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් ඔහු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

පුණ්‍යායතනයකට මුදල් ලබා ගැනීම සඳහා පැවති වෙන්දේසියකට සහභාගි වීම සඳහා මාර්ක් ෂාන්ඩ් නමැති ඔහු අමෙරිකාවට ගොස් සිටඇති බව වැඩි දුරටත් සඳහන් වේ.
62 හැවිරිදි ඔහු අදාළ හෝටලයේ කරකැවෙන දොරකින් ගමන් කිරීමට උත්සහ දැරූ අවස්ථාවේදී වැටීමෙන් හිස පිටුපසට තුවාළ සිදුව තිබේ.

අලුයම 1.30ට පමණ මෙම අනතුර සිදුව ඇත.

ඔහු අලි සංරක්ෂණය කිරීම සඳහා ක්‍රියාත්මක පුණ්‍යායතනයක සභාපතිවරයා ලෙස කටයුතු කළේ ය.



Tuesday, April 22, 2014

යානය කොතැනක හෝ ගොඩබස්වා තිබෙනවා, කඩා වැටී නැහැ - MH370 පිලිබඳ නවතම නිගමනය

කෝටි ගණනක් වැය කර යානය සෙවීමේ සෝදිසි මෙහෙයුම් වලින් අනතුරුව ඔවුන් පවසන්නේ තමන් වැරදි ස්ථානයක යානය සෙවූ බවයි.

මැලේසියානු අග්‍රාමාත්‍යවරයා MH370 යානය දක්ෂිණ ඉන්දීය සාගරයට කඩා වැටී ඇති බවට කළ ප්‍රකාශයක් ඔස්සේ දින 45 ක් තිස්සේ යානය සෙවීමේ  සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක විය.

නමුත් අතුරුදන් වූ යානය දක්ෂිණ ඉන්දීය සාගරයට කඩා වැටී නැතැයි එම යානය සෙවීමේ මෙහෙයුම්වල නිරත වූවන් නිගමනය කර තිබේ.

ඔවුන්ගේ නවතම නිගමනයට අනුව යානය කුමක් හෝ ස්ථානයක ගොඩබස්වා ඇති බව පැවසෙයි.

'ජැක්' නිසා මෙලේසියානු ගුවන් යානය සෙවීමේ මෙහෙයුම් නවතී.

නිවර්තන සුළි කුණාටුවක් හේතුවෙන් අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය සෙවීමේ මෙහෙයුම් කටයුතු නතර කිරීමට සිදුව තිබේ.

ජැක් නම් එම සුළි කුණාටුව හේතුවෙන් ගුවනේ සිට  දියත් කරීමට නියමිතව තිබු සෝදිසි මෙහෙයුම නතර කිරිමට සිදුවු බව විදෙස් වාර්තා සදහන් කරයි.

ගුවන් යානයේ සුන්බුන් ඇතැයි සැලකෙන  ඉන්දියන් සාගර ප්‍රදේශයේ  මතුපිට නිරීක්ෂණය කිරිම සඳහා යුධ ගුවන් යානා 10 ක් යෙදවිමට නියමිතව තිබු බව ඔස්ට්‍රේලියානු බලධාරින් සඳහන් කළේ ය.

කෙසේ වෙතත් ගුවන් යානයේ සුන්බුන් ඇතැයි, අනුමාන කරන ප්‍රදේශයෙන් 80%ක කොටසක්  අතුරුදන් වු ගුවන්යානයේ සුන්බුන් සෙවිම සඳහා යොදවා ඇති රොබෝ සබ්මැරිනය, නිරීක්ෂණය කර අවසන් කර ඇති බව සදහන්.

ගුවන් යානය පිළිබඳව තොරතුරක් සොයා ගැනීමට අපොහොසත් වී ඇති අතර දැනට රොබෝ සබ්මැරිනය මඟින් සිදුකරන සෝදිසි මෙහෙයුම අවසන් වීමෙන් පසු ව අමෙරිකානු සබ්මැරිනයක් මඟින් යළි ඉන්දියන් සාගරයේ සෝදිසි මෙහෙයුම් ආරම්භ කරනු ඇති බව ඔස්ට්‍රේලියානු බලධාරින් සඳහන් කර තිබේ.