Saturday, May 10, 2014

කොළඹ ප‍්‍රකාශනය එළි දැක්වේ


පුරා දින 4ක් ශ‍්‍රී ලංකාවේ පැවැත්වුණු 15 වන ලෝක තරුණ සමුළුව අද (10) සමාප්ත වනවා. සමාප්ති උළෙලට සමගාමීව, තරුණයන් පිළිබඳ කොළඹ ප‍්‍රකාශනය ද අද එළිදැක්වුණා. එම ප‍්‍රකාශනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන විසින් යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වෙත මහරගම තරුණ සේවා සභාවේදී අද පිරිනමනු ලැබුවා. 

2015න් පසු සහස‍්‍ර සංවර්ධන ඉලක්ක ජය ගැනීම උදෙසා තරුණයන්ගේ කාර්ය භාරය තේමා කර ගත් කොළඹ ප‍්‍රකාශනය තේමා 7ක් යටතේයි එළිදක්වනු ලැබුවේ. යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම එහිදී කියා සිටියේ මෙම ප‍්‍රකාශනය මගින් තරුණ තරුණියන්ගේ ආකල්ප, සන්නිවේදනය සහ සමගියෙන් එකට වැඩ කිරීමේ හැකියාව වර්ධනය කිරීමේ පියවර ඉදිරිපත් වන බවයි.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න