Friday, May 2, 2014

රණවිරු සැමරුම් මාසය

4:32 AM By Unknown No comments

රණවිරු සැමරුම් මාසය ප‍්‍රකාශයට පත් කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද (02) සිදුකෙරුණා. ඒ අනුව, පළමු රණවිරු කොඩිය ජනාධිපතිවරයා විසින් පළඳවනු ලැබුවේ 2007 වසරේ මන්නාරමේදී ත‍්‍රස්තවාදී වෙඩි ප‍්‍රහාරයකින් මියගිය යුධ හමුදා සාමාජිකයෙකුගේ දියණියකටයි. රණවිරු මාසය ලබන ජූලි 2 වැනිදා දක්වා කි‍්‍රයාත්මක වන අතර එම කාලය තුළ රණවිරු සැමරුම් වැඩසටහන් රැුසක් කි‍්‍රයාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය සහ රණවිරු සේවා අධිකාරිය සැලසුම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න