Wednesday, May 7, 2014

නිදහස් පක්ෂ ඇමතිවරු සියළු දෙනා හෙට කොළඹට

10:37 PM By Unknown No comments


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලූම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සහ ඇමතිවරුන් හෙට කොළඹට කැඳවා තිබෙනවා. හෙට (09) පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානය හරහා සියලූම මැතිඇමතිවරුන් ඒ පිළිබඳව දැනුවත් කර තිබෙනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි දේශපාලන වැඩකටයුතු සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න