Wednesday, May 7, 2014

එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙල සඳහා අගමැති වියට්නාමයට

8:49 AM By Unknown No comments


එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙලට සහභාගීවීම සඳහා දිවයිනෙන් පිටත් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා අද (07) පස්වරුවේ වියට්නාම්හි හැනෝයි හි නොයි බායි (Noi Bai) අන්තර් ජාතික ගුවන් තොටුපොළ වෙත ප්‍රවේශ විය. වියට්නාම් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ගුවන් තොටුපළට සම්ප්‍රාප්තවූ එතුමා එහිදී පිළිගනු ලැබුවේ වියට්නාම ජාතික බෞද්ධ සංඝසභාවේ උප සභාපති පූජ්‍ය තික් තංහ් නිහ්යු (Most Ven Thich Thanh Nhieu) හිමිපාණන් වහන්සේ විසිනි.අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් නීතිඥ අනුරාධ ලංකා ජයරත්න, අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් අයි.එච්.කේ. මහානාම, වියට්නාම්හි ශ්‍රී ලංකා තානාපති ආචාර්ය අයිවන් අමරසිංහ යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වූහ.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න