Monday, May 12, 2014

සිගරට් පැකට්ටුවේ රූපමය අවවාදය 60% ක්

5:47 AM By Unknown No comments


 දවටනවල සියයට 80 ක් ආවරණය වන පරිදි රූපමය අවවාද ඇතුළත් කිරීම, සියයට 50 ත් 60 ත් අතර දක්වා ප‍්‍රමාණයකට සීමා කරන ලෙස අභියාචනාධිකරණය අද (12) දැනුම්දුන්නා. ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ලංකා දුම්කොළ සමාගම විසින් ගොනුකර තිබූ පෙත්සමේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින්. අදාළ ගැසට් නිවේදනයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නියම කර තිබුණේ දුම්වැටි දවටනවල සියයට 80 ක් ආවරණය වන පරිදි රූපමය අවවාද ඇතුළත් කිරීමටයි.

2012 වසරේදී සකස් කළ අදාළ ගැසට් නිවේදනය මීට  පෙර පාර්ලිමේන්තුවේදී සම්මත වුණේ සියලූම මන්ත‍්‍රීවරුන්ගේ එකඟතාවය සහිතවයි. අදාළ ගැසට් නිවේදනයට එරෙහිව දුම්කොළ සමාගම අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකළ අතර අදාළ ගැසට් පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීම නීත්‍යානුකූල බව අභියාචනාධිකරණය ද තීන්දු කළා. නැවත වරක් දුම්කොල සමාගම  මෙම ගැසට් පත‍්‍රය අභියෝගයට ලක් කළා. ඊට අදාළව තීන්දුව ප‍්‍රකාශයට පත් කරමිනුයි අභියාචනාධිකරණය අද මෙම නියෝගය නිකුත් කළේ

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න