Friday, May 9, 2014

ගුරුවරිය අවවාද කල නිසා සිසුවියක් ගෙල වැලලාගෙනී

4:23 AM By Unknown No comments


ගුරුවරිය කළ අවවාදයෙන් සිත් තැවුලට පත් පාසල් ශිෂ්‍යාවක් ඊයේ (08) රාත‍්‍රීයේ සිය නිවසේදී සාරියක් ආධාරයෙන් ගෙළ වැළලාගෙන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කුයිල්වත්ත දෙමළ මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 16 හැවිරිදි වටවල - කුයිල්වත්ත ප‍්‍රදේශයේ පදිංචි සිසුවියක්. ඊයේ පාසල පැවැත්වෙන වේලාවේදී පන්ති භාර ගුරුතුමිය විසින් තම අධ්‍යාපන මට්ටම් ඉහළ නංවා ගන්නා ලෙස පන්තියේ සිසුන්ට අවවාද කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ඉන් සිත්තැවුලට පත්වූ මෙම ශිෂ්‍යාව ලිපියක් ද ලියා තබා මෙලෙස සියදිවි හානි කර ගෙන ඇති බව සඳහන්.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න