Sunday, May 25, 2014

ජාත්‍යන්තර පාසල්වල විෂයන් 3ක් අනිවාර්ය කිරීමේ ගැසට් නිවේදනය ප‍්‍රකාශයට

4:37 AM By Unknown No comments



ජාත්‍යන්තර සහ පෞද්ගලික පාසල්වල පළමුවන ශ්‍රේ්ණියේ සිට 8 වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන ශ‍්‍රී ලාංකික සිසු දරුවන්ට මව්බස, ආගම සහ ලංකා ඉතිහාසය යන විෂයන් ඉගැන්වීම අනිවාර්ය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පනවන ලද නියෝගයන් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. මේ මස 20 වැනිදා අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවා. ලබන වසරේ නව අධ්‍යාපන වාරයේ සිට සියලූම ජාත්‍යන්තර සහ පෞද්ගලික පාසල් ඔවුන්ගේ විෂය නිර්දේශ සඳහා මෙම විෂයන් ඇතුලත් කරගත යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. ඒ අනුව පළමුවන ශ්‍රේණියේ සිට 8 වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සියලූම ශ‍්‍රී ලාංකික දරුවන්ට අනිවාර්යයෙන් මව්බස ලෙස සිංහල හෝ දෙමළ ඉගැන්විය යුතුයි.

එමෙන්ම පළවන ශ්‍රේණියේ සිට 6 වන ශ්‍රේණිය දක්වා අනිවාර්ය විෂයක් ලෙස ආගම ඉගැන්විය යුතු අතර 7 වන ශ්‍රේණියේ සිට 8 වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන දරුවන්ගේ සාරධර්ම වර්ධනය ඇතිවන පරිදි ආගම විෂය තනි විෂයක් ලෙස ආගමික වැඩසටහන් වශයෙන් සැළසුම් කර හෝ ඉගැන්වීම අනිවාර්ය කර තිබෙනවා. 

පළවන ශ්‍රේනියේ සිට අටවන ශ්‍රේණිය දක්වා ලංකා ඉතිහාසය අනිවාර්යයෙන් ඉගැන්විය යුතු අතර දැනටමත් ඉතිහාසය විෂය ඉගැන්වීම සිදුකරන්නේ නම් ඊට ලංකා ඉතිහාසය ප‍්‍රමාණවත් අන්තර්ගතයක් කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න