Friday, May 16, 2014

ආසියානු හා පොදුරදමඩුළු ක්‍රීඩා තේරීම් තරග අද හෙට

10:08 PM By Unknown No comments

 
පොදරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහ ආසියාතික ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීම් තරග අද (17) සහ හෙට (18) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. 
 
පෙරවරු 8.00 සිට පැවැත්වෙන මෙම තේරීම් තරග සඳහා දැනට ජාතික පුහුණු සංචිතවල සිටින සියලුම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගිවන ලෙස ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය දැනුම් දෙයි.
 
මෙම තේරීම් තරගවලින් අනතුරුව ජාතික පුහුණු සංචිත නැවත පිහිටුවන අතර නැවතත් තේරීම් තරග නොපැවැත්වෙන බව පෙන්වා දෙන මලල ක්‍රීඩා සංගමය සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ යෝග්‍යතා පරීක්ෂණ තරග පමණක් ලබන ජුනි 05දා සුතගදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන බවත් සඳහන් කරයි.
 
පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල එළැඹෙන ජූලි මාසයේ දී ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී පැවැත්වීමට නියමිතව ඇති අතර සැප්තැම්බර් මාසයේ දී කොරියාවේ ඉවයෝන් නුවරදී ආසියාතික ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතය.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න