Thursday, May 15, 2014

බුද්ධ රශ්මි වෙසක් කලාපය ජනපති අතින් විවෘත වේ

11:24 PM By Unknown No comments

 
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය සහ ජනාධිපති කාර්යාලය වාර්ෂිකව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ඊයේ (15) පස්වරුවේ විවෘත කෙරිණි.
 
කොළඹ, හුණුපිටිය, ගංගාරාම සීමාමාලකයේ දී ආලෝක පහන් දැල්වූ ජනාධිපතිතුමා බුද්ධ රශ්මි වෙසක් කලාපය විවෘත කළේය.
 
ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානිස්සර නායක හිමිපාණන් වහන්සේ මෙහිදී විශේෂ අනුශාසනාවක්ද සිදු කළේය.
 
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ මැති ඇමැතිවරුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.




 
 

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න