Saturday, May 3, 2014

හම්බන්තොට දී UNP මන්ත‍්‍රීවරුන් විරෝධතාවක

2:52 AM By Unknown No comments

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, පළාත් සභා සහ පළාත් පාලන මන්ත‍්‍රීවරුන් ඇතුළු පිරිසක් මේ වන විට හම්බන්තොට පොලීසිය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වනවා. ඒ, පසුගිය අපේ‍්‍රල් 17 වන දා හම්බන්තොට වරායේ සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක යෙදී සිටියදී සිය මන්ත‍්‍රී කණ්ඩායමකට එල්ල වූ ප‍්‍රහාරයකට විරෝධය පළ කරමින්. මෙම ප‍්‍රහාරය එල්ල වූ අවස්ථාවේදී පොලීසිය නිසි ආකාරයෙන් සිය රාජකාරී ඉටු නොකළ බව මේ වන විට විරෝධතාවයට එක්ව සිටින එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් පවසනවා. හම්බන්තොට පොලීසිය ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණය අතරතුර මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ වැඩ බලන නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී කරු ජයසූරිය කියා සිටියේ සිය පක්ෂයට එරෙහිව කි‍්‍රයාත්මක වන මෙම මර්ධනයට එරෙහිව ඉදිරියේදී දැඩි පියවරක් ගන්නා බවයි

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න