Friday, May 16, 2014

සාර්ක් චිත‍්‍රපට උළෙල 20 සිට 25 දක්වා

9:59 PM By Unknown No comments

 
සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය සිව්වන වරටත් සංවිධානය කරන සාර්ක් චිත‍්‍රපට උළෙල 22දින සිට 25 වන දින දක්වා ශ‍්‍රී ලංකා ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සිනමා ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
 
මෙම චිත‍්‍රපට උළෙල සඳහා දකුණු ආසියානු කලාපීය සාමාජික රාජ්‍යයන් වන ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින , නේපාලය, පාකිස්ථානය හා ශ‍්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරනු ලබයි. 
 
සාර්ක් චිත‍්‍රපට උළෙල සඳහා වෘතාන්ත හා කෙටි චිත‍්‍රපට ප‍්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කෙරෙන අතර සියලු චිත‍්‍රපට දර්ශන මහජනතාවට නොමිලේ නැරඹීමේ අවස්ථාව හිමිවේ.
මෙහි සමාරම්භක උත්සවය 20දා පස්වරු 5.30ට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකා ජාතික චිත‍්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පැවැත්වේ. මෙම උළෙල සඳහා ඒ ඒ රටවල් නියෝජනය කරනු ලබන චිත‍්‍රපටවල අධ්‍යක්ෂකවරුන් හා නළු නිළියන් ද සහභාගීවීමට නියමිතය. 
 
මෙම උළෙලේදී දකුණු ආසියානු රටවල හොඳම චිත‍්‍රපට නැරඹීමට චිත‍්‍රපට ලෝලීන්ට ලැබෙන අද්විතීය අවස්ථාවක් වන අතර චිත‍්‍රපට කලා මාධ්‍යයේ නියැලී සිටින සහ ඒ පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාටම මෙම චිත‍්‍රපට උළෙල නැරඹීමට පැමිණෙන ලෙස සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටියි.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න