Wednesday, May 7, 2014

‘මළ දරුවා‘ හත් දවසේ දානෙ දා උපදී

8:34 AM By Unknown No comments


හෙද වැඩවර්ජනය සමයේ නියමිත කාලයට පෙර අඩු බරින් යුක්තව ප්‍රසූත කළ පිරිමි දරුවකු මළ දරු උපතක් බවට තීරණය කර දෙමාපියන්ට දැනුම් දී දින හයකට පසු මළදරුවකු බව සිතූ දරුවාගේ දිවි ගලවා ගැනීමට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ළමා රෝග දැඩිසත්කාර ඒකකයේ වෛද්‍යවරු සමත්වූහ.
දරුවාට නැවත පණ ලැබෙන විට දෙමාපියන් දරුවා වෙනුවෙන් හත් දවසේ දානයද දී තිබිණි.
කුරුණෑගල රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය පී කේ විජයවර්ධන මහතා ඇතුළු ළමා දැඩි සත්කාර ඒකකයේ කාර්ය මණ්ඩලය මේ දරුවාගේ ජීවිතය බේරා ගැනීමට වෙහෙසුණහ.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න