Wednesday, May 7, 2014

මලාලා නයිජීරියාවේ පැහැර ගැනීමට ලක්වූ පාසල් සිසුවියන් මුදා ගැනීමට සුදානම්

10:54 PM By Unknown No comments

නයිජීරියාවේ පැහැර ගැනීමට ලක්ව සිටින පාසල් සිසුවියන් 200 දෙනා බේරා ගැනීම සම්බන්ධයෙන් හඬක් නැගිය යුතු බව තලෙයිබාන් සංවිධානයේ වෙඩි ප‍්‍රහාරයට ලක්වූ මලාලා යූසුෆ්සායි පවසනවා. විදෙස් වාර්තා සඳහන් කළේ පැහැර ගැනීමට ලක්ව සිටින සිසුවියන් බේරා ගැනීම සඳහා සියලූදෙනා කටයුතු කළ යුතු බවයි. බොකෝහරාම් සටන්කාමීන් විසින් පසුගියදා වයස අවුරුදු 12 ත් 15 ත් අතර පාසල් සිසුවියන් දෙසියදෙනෙකු පැහැර ගත්තා.  මේ වනවිට ඊට අදාළ නිවැරදි තොරතුරක් ලබාදෙන්නෙකුට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 3 ක ත්‍යාගයක් ලබාදෙන බවයි නයිජීරියානු රජය ප‍්‍රකාශ කර ඇත්තේ.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න