Monday, May 12, 2014

ජාතික හරිත සම්මාන ප්‍රදානෝත්සවය අද ජනපති ප්‍රධානත්වයෙන්

5:17 AM By Unknown No comments


ජාතික හරිත සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (12) පස්වරු 3.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

මෙරට ක්‍රියාත්මක කර්මාන්ත ක්‍රියාවලීන් ඇතුළු ක්ෂේත්‍ර 17ක් ආවරණය වන පරිදි පරිසර හිතකාමී ක්‍රියාදාමයන් ජාතික මට්ටමින් ඇගයීමක් මේ මඟින් සිදු කෙරේ. පරිසර හිතකාමී අයුරින් කටයුතු කරන ආදර්ශවත් පුරවැසියන් උදෙසා රන්, රිදී, ලෝකඩ හා කුසලතා සම්මාන 100කට ආසන්න ප්‍රමාණයක් මෙහිදී ප්‍රදානය කරයි.

පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ මාර්ගෝපදේශකත්වයෙන් ජාතික හරිත සම්මාන ප්‍රදානෝත්සවය මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කර ඇත.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න