Tuesday, May 13, 2014

වෙසක් උත්සවය නිමිත්තෙන් අද සහ හෙට සුරාසැල් වැසේ

11:29 PM By Unknown No comments


වෙසක් උත්සවය නිමිත්තෙන් අද (14) සහ හෙට (15) දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් වසා තැබීමට කටයුතු කරනු ඇත.

සුපිරි වෙළෙඳසැල්වල මත්පැන් අලෙවිය නැවැත්වීමටත් සතුන් මරණ ස්ථාන, රේස් බුකී, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමටත් මස් මාංශ අලෙවිසැල් වසා තැබීමට හා සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවිය නැවැත්වීමටත් මේ දෙදින කටයුතු කරයි.

අද හා හෙට වෙසක් දින වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර ලබන 11 සිට 17 දින දක්වා කාල සීමාව වෙසක් සතිය ලෙස රජය මඟින් ප්‍රකාශට පත් කර තිබේ.

මෙවර වෙසක් සතියේ තේමාව ලෙස "සුචරිතව ධර්මයෙහි හැසිරෙනු" යන්න රජය විසින් තෝරා ගෙන ඇත.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න