Wednesday, May 7, 2014

Dance in a Trance – 2014, ඒකපුද්ගල ඡායාරූප ප‍්‍රදර්ශනය 10 වැනිදා සිට

10:15 PM By Unknown No comments

ප‍්‍රවීණ ඡායාරූප ශිල්පී හෙන්රි රාජකරුණා මහතා විසින් අට වන වරට පවත්වනු ලබන ඒක පුද්ගල ඡායාරූප ප‍්‍රදර්ශනයක් ලබන 10 සිට 12 දක්වා මාකොල උදේශී සිටි කම්ප්ලෙක්ස්හි දී පැවැත්වේ. Dance in a Trance – 2014, යනුවෙන් නම් කර ඇති මෙම ප‍්‍රදර්ශනය නොමිලේ පවත්වනු ලැබේ. චලනය පෙන්වීම අඩු කාචද්වාර වේගයකින් ගන්නා ලද පිංතූර ( Slow shutter speed photography) මේ සඳහා තෝරා ගෙන තිබීම මෙම ප‍්‍රදර්ශනයේ ඇති විශේෂත්වයකි. මෙහිදී නර්තනයේ ඇති ලාලිත්‍ය බව ඡායාරූප ඇසුරෙන් පෙන්වීමට රාජකරුණා මහතා උත්සාහ දරා ඇත.  හෙන්රි රාජකරුණා මහතා අන්තර්ජාතික මට්ටමෙන් පවත්වන ලද ඡායාරූප ප‍්‍රදර්ශනවලදී ත්‍යාග හා සම්මාන ලද ඡායාරූප සහ වේදිකා නාට්‍ය ඇසුරෙන් ලබා ගන්නා ලද ඡායාරූප මෙහිදී ප‍්‍රදර්ශනය කෙරේ.රාජකරුණා මහතා අන්තර්ජාතික ඡායාරූප කලා සංගමය මගින් දක්ෂතා වෙනුවෙන් පිරිනමනු ලබන ඉහළම සම්මානය (MFAP) හිමි කරගත් ඡායාරූප ශිල්පියෙකි.  මෙම මස 10 වෙනි දින ප.ව.5.00ට රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරෙන මෙම ප‍්‍රදර්ශනය 11 සහ 12 යන දිනයන්හිදී මහජනතාව වෙනුවෙන් විවෘතව පවතින බව රාජකරුණා මහතා පවසයි.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න