Monday, May 12, 2014

ආනන්ද මහ රහතන් වහන්සේගේ දාතූන් ප්‍රදර්ශනය



ආනන්ද හමුදුරුවෝ.. බුදුන් දවස බෞද්ධ සාසනයේ චිරාතය පිනිස මහගු සේවයක් ඉටු කල ස්වාම්න් වහන්සේ නමක්. භික්ෂුණී සාසනය පිහිටුවීමට මූලික වී කටයුතු කිරිම, බුදුන් වහන්සෙගේ අග්‍ර උපස්ථායක ලෙස කටයුතු කිරිම, උන්වහන්සේ පිළිබද ප්‍රමුඛ වන කරුණු අතර රහත්පලයක් නොලබ සාසනයේ අග්‍රස්ථානයක් ලබා ගත් එකම ස්වාමීන්වහන්සේ ලෙස උන්වහන්සේ ඉතිහසයට එක් වෙන්නේ බුදු සසුනේ ධර්ම භාණ්ඩාගරික ලෙස දාරන ශක්තිය අතුරින් අග්‍රරස්තායක තනතුර ලබා ගනීමෙනි. ප්‍රථම ධර්ම සන්ගායනාවේදීද බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්ම කරුණු ඒ අකාරයෙන්ම ඉදිරිපත් කිරිම තුලින් සාසනයේ ඉදිරි අනාගත පැවැත්ම සදහා මනා සේවාවක් උන්වහන්සේ ඉටුකලා. මේ අදී වු සේවාවන් ගණනාවකට මුල පිරු උන්වහන්සේ ඉහළ ආකාසයට නැගී පිරිණිවන් පෑ එකම ස්වාමීන් වහන්සේ ලෙසද ඉතිහසයට එක් වේ.
ආනන්දය සතු වන ආනන්ද රහතන් වහන්සේගේ මෙම දන්ත දාතු ලක්දිවට වැඩම කල ආකරය පිළිබද විශේෂ සදහනක් නොවන අතර මෙම දාතුන් වහන්සෙලා මෑත කලීනව 2010 වසරේදි ජනාධිපති තුමන්ගෙ භාරයට ගෙන ඇත. අනතුරුව එතුමන්ගෙ මුලිකත්වයෙන් එම වසරේදීම, පෙබරවාරි මාසයේදි විද්‍යලයේ ධර්මචාර්ය ස්වාමීන් වහන්සේලාගේ සහ එවකට වීදුහල්පති දූරය හෙබවූ L .M.D. ධර්මසේන විදුහල්පති තුන්මන්ගේ මැදිහත් වීමෙන් ආනන්ද පුන්‍ය භුමියට වඩමවා ඇත. එම දාතුන් වහාන්සේලට නිසි අයුරින් පුද සත්කාර කිරිම සදහා මෙවර වෙසක් පොහොයට සමගාමීව මෙම දාතුන් ප්‍රදර්ශනය පසුගිය 21 වනදා විද්‍යාලයීය පරිශ්‍රයේදි වත්මන් විදුහල්පති ගරු කිත්සිරි ලියනගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවැත්වින.





0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න