Saturday, May 10, 2014

ලොව කුඩාම ආහාර වට්ටෝරු පොත ආරක්ෂක ලේකම්ට පිළිගන්වයි

5:47 AM By Unknown No comments


ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබිලිස්‌ සිල්වා මහතා පුරාණ පුස්කොළ පොතක් පරිශීලනයෙන් රචනා කරන ලද “ශ්‍රී ලංකාවේ රාජ භෝජන“ පුස්තකය ඊයේ (09) ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඔහු විසින් ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ප්‍රදානය කරන ලදී. ලොව කුඩාම ආහාර වට්ටෝරු පොත ලෙස සැලකිය හැකි මෙම ග්‍රන්ථය රාජකීය භෝජන වර්ග 40ක වට්ටෝරුවලින් සමන්විතය. මෙම කෘතිය සෙන්ටි මිටර් 1ක දිගින් හා පළලින් යුක්ත වන අතර එහි බර මිලි ග්‍රෑම් 5කි.  මේ අවස්ථාවට ගල්කිස්ස මහ හෝටලයේ සභාපති සනත් උක්වත්ත මහතා සහ විමලා රාජකරුණා මහත්මිය ද එක් ව සිටියහ.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න