Saturday, May 10, 2014

විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත් භාරගැනීම මැයි 19 අවසන්

5:40 AM By Unknown No comments

2013/2014 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල පාඨමාලාවලට ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගැනීමට සුදුසුකම් සපුරා ඇති සිසුන්ගෙන් අයදුම්පත් බාර ගැනීම මේ දිනවල සිදුකරන අතර එය ලබන මැයි 19 වැනිදා අවසන් වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව පවසයි.

ජාතික විශ්වවිද්‍යාල 14ක්, මණ්ඩප තුනක් සහ උසස් අධ්‍යයන ආයතන පහකට මෙවර බඳවා ගනු ලබන ගණන 24540කි.  

2013 අගෝස්තු පවත්වන ලද අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේදී විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් සපුරා ඇති සිසුන්ට මැයි 19 දක්වා අයදුම් කළ හැකිය.

මෘදුකාංග ඉංජිනේරු සහ පරිවර්තන අධ්‍යයන යනුවෙන් නව පාඨමාලා දෙකක් ද මෙවර අධ්‍යයන පාඨමාලාවලට එක් කර තිබේ.

මෙවර බඳවා ගනු ලබන උසස් අධ්‍යාපන ආයතන සහ බඳවා ගන්නා සංඛ්‍යාව පහත පරිදි වේ.
කොළඹ විශ්වවිද්‍යාලය සඳහා 1955
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සඳහා 2950
කැලණිය විශ්වවිද්‍යාලය සඳහා 2445
පේරාදෙනිය විශ්වවිද්‍යාලය සඳහා 2545
මොරටුව විශ්වවිද්‍යාලය සඳහා 1570
යාපනය විශ්වවිද්‍යාලය සඳහා 1855
අග්නිදිග විශ්වවිද්‍යාලය සඳහා 1350
සබරගමුව විශ්වවිද්‍යාලය සඳහා 1060
රුහුණු විශ්වවිද්‍යාලය සඳහා 1880
නැඟෙනහිර විශ්වවිද්‍යාලය සඳහා 1110
රජරට විශ්වවිද්‍යාලය සඳහා 1330
වයඹ විශ්වවිද්‍යාලය සඳහා 870
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සඳහා 670
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සඳහා 580
ශ්‍රීපාලි මණ්ඩපය සඳහා 150
ත්‍රිකුණාමල මණ්ඩපය සඳහා 255
වවුනියා මණ්ඩපය සඳහා 275
දේශීය වෛද්‍යවිද්‍යායතනය සඳහා 220
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ආයතනය සඳහා 120
කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන ආයතනය 275
ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනය 230
රාමනාදන් ලලිතකලා විද්‍යාපීඨය 195
කලා පාඨමාලාවන් සඳහා 650 දෙනෙකු අමතරව බඳවා ගනු ලබයි.

පසුගිය 2012/ 2013 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට බඳවා ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගණන 24198

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න