ලංකාවේ නව මාර්ග සිතියම නිර්මාණය කර අවසන් බව ශ්රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව පවසයි.අතිරේක මැනුම්පති පී.එම්.පී. උදයකාන්ත මහතා පැවසුවේ, ලබන මාසයේ එය එළි දැක්වීමට නියමිත බව ය.අලුතින් ඉද කළ මාර්ග මෙන් ම අධිවේගී මාර්ග ද නව සිතියමට ඇතුළත් කර ඇති බව ඔහු සඳහන් කළේ ය.උදයකාන්ත මහතා පැවසුවේ, නව සංවර්ධන කටයුතු සමග ඉදිකෙරුණු නව මාර්ග සියල්ල ම අදාළ සිතියමට අන්තර්ගත කර ඇති බව ය.විශේෂයෙන් ම රථ වාහන ධාවනය කළ හැකි සියලු මාර්ග පිළිබඳ තොරතුරු ඒ අනුව සිතියම්ගත කර ඇති බව ය.ඊට අමතරව කොළඹ, මහනුවර, ගාල්ල, යාපනය වැනි ප්රධාන නගරවල සියලු ම මාර්ග පිළිබඳ විස්තර සිතියමට අන්තර්ගත කිරීමට පියවරගෙන ඇති බව ද අතිරේක මැනුම්පතිවරයා සඳහන් කළේ ය.ඔහු පැවසුවේ, චන්ද්රිකා ඡායාරූප උපයෝගීකර ගනිමින් නව මාර්ග සිතියමට ඇතුළත් කිරීමට පියවරගත් බව ය.අදාළ සිතියම එළිදැක්වීමෙන් පසු එය ඔනෑ ම අයෙකුට මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලයෙන් හෝ ප්රාදේශීය කාර්යාලයකින් ලබා ගත හැකි බව ය.
0 අදහස්:
Post a Comment
ඔබේ අදහස් දක්වන්න