Wednesday, May 7, 2014

ශ්‍රී ලාංකේය ගී නළුවේ විශ්වීය සබඳතා - 'පනාමුර කුංචනාදය'

11:30 AM By Unknown No comments

පනාමුරේ ඇතු මරාදැමීම පිළිබඳ සිදුවීමෙන් පෙළැඹුණු නවරත්න ගමගේ සංගීතඥයා විසින් ඒ සිදු වීම පිළිබඳ ව කරන ලද පර්යේෂණයකින් අනතුරු ව සොබාදහම හා මානව ශිෂ්ටාචාරය සමඟ එහි ඇති ඒකාත්මික බැඳීම හඳුනාගැනීම මත බිහිවන සෞන්දර්යාත්මක නිර්මාණ කාර්යය සහෘදයන් වෙත ගෙන ඒමට දැන් සියලු කටයුතු සූදානම් ව තිබේ.


කලා ක්ෂේත්‍රයේ සහෘදයන්ගේ ආදරණීය ‘නවා‘ සිය පර්යේෂණයේ ප්‍රතිඵලය වන “පනාමුර” ගී නළුව (ඔපෙරාව) මඟින් වනය, සොබාදහම හා මානව ශිෂ්ටාචාරය අතර තුලනය නාට්‍යමය හා සංගීතමය ලෙස අර්ථ නිරූපණය කර ඇත. මෙහි සංකල්පය හා පණිවිඩය ඉහළ ආධ්‍යාත්මික පසුබිමකින් යුක්ත වන අතර එය ගෝලීය පුරවැසියන්ගෙන් තදබල ඉල්ලීමක් සිදු කරයි.
 
මෙහි ප්‍රකාශනය සඳහා නිර්මාණකරුවා බටහිර සංගීතය, උතුරු ඉන්දීය, කර්නාටික්, ජෑස්, දේශීය ජනසංගීතය හා නැටුම් ඇතුළු සම්ප්‍රදායයන් ගණනාවක් යොදාගෙන ඇත. මේ අගනා සම්මිශ්‍රණයත් සමඟ පනාමුර ගී නළුව විශ්වීය ආයාචනයක් සහිත නූතන පෙරදිග ගී නළුවක් බවට පත් වනු ඇත. මියගිය ඇතුගේ ආත්මයේ හා සොබාදහමේ සමෝධානය සංකේතවත් කිරීමට ලෝකයේ විවිධ සම්ප්‍රදායේ සංගීතයන් එක් වර හැඬැවෙන අවස්ථාවෙන් එහි විශ්වීය සම්බන්ධය මනා ව පෙන්නුම් කෙරේ.

පනාමුර කුංචනාදය, එහි තේමාව, සංකල්පය හා ආකෘතිය අනුව ශ්‍රී ලංකා අනන්‍යතාව හා මානවවාදී ප්‍රවේශය සමඟ ලෝකයේ විවිධ සංගීතමය හා සංස්කෘතිකමය අංග ස්පර්ශ කරනු ඇත.

panamura kunchanadaya
panamura kunchanadaya
panamura kunchanadaya 1
panamura kunchanadaya

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න