Sunday, May 4, 2014

පුත්තලම මන්නාරම් මාර්ගය ජලයෙන් යටවෙයි

2:22 AM By Unknown No comments

අධික වර්ෂාවත් සමග රාජාංගනය ජලාශය පිටාර මට්ටමට පිරීම හේතුවෙන්  වාං දොරටු 6ක් විවෘත කර ඇති අතර මේ නිසා කලාඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් පුත්තලම මන්නාරම් මාර්ගය එළුවන්කුලම ප්‍රදේශයෙන් යට වී  ඇතැයි පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
කලාඔය අවට සිටින ජනතාව කල්පනාකාරී විය යුතු බව දැනුම් දෙන පුත්තලම දිස්තික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සහන් කරන්නේ ඉගිණිමිටිය හා තබ්බෝව ජලාශය ඇතුළු වැව් රැසක් ජලයෙන් පිරී පිටාර මට්ටමට පැමිණ ඇති බැවින් කලාඔය හා නරිඔය අසළ පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස එම මධ්‍යස්ථානය වැඩිදුරටත් දැනුම් දෙයි.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න