Wednesday, May 21, 2014

අන්තර් ජාතික ජෛව විවිධත්ව දින සැමරුම හෙට

4:49 AM By Unknown No comments


හෙටට (22) යෙදෙන අන්තර් ජාතික ජෛව විවිධත්ව දින සැමරුම් උත්සවය මේ වසරේදීත් "දූපත් ජෛව විවිධත්වය" යන තේමාව යටතේ ජෛව විවිධත්ව ඒකකය හා පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලැබ තිබේ.

මෙම උත්සවය පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ හා තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පරිසර හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල් කාදර් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් හෙට (22) පෙරවරු 8.30ට පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සප්ත පරිසර මණ්ඩපයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව 1992 වසරේ සිට අන්තර්ජාතික ජෛව විවිධත්ව සම්මුතියේ පාර්ශව රටක් වශයෙන් කටයුතු කරන අතර, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය එම සම්මුතියේ ජාතික කේන්ද්‍රස්ථානය ලෙස කටයුතු කරයි. මේ වසරේ සැමරුම් උත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් එළි දැක්වීමද සිදු වන අතර, ජෛව විවිධත්වය පෝස්ටර් තරගයේ ජයග්‍රාහකයින්හට ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය ද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු වීමට නියමිතය.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න