Wednesday, May 7, 2014

දිවයින අවට මුහුදු ප්‍රදේශවලත් තරමක තද සුළං

10:25 PM By Unknown No comments

අද (08) දිවයින අවට මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය පිළිබඳව අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව යාපනය සිට ගාල්ල සහ පොතුවිල් හරහා මඩකළපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සුළං නිරිත හෝ ගිනිකොන දෙසින්  හමන අතර සුළං වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ. සුළං වේගය විටෙක පැ.කි.මී. 60 දක්වා ඉහළ යා හැක. මෙයට අමතරව ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල පැ.කි.මී. 70-80ක පමණ තාවකාලිකව තද සුළං ඇති විය හැක. දිවයින අවට මුහුදු ප්‍රදේශ තරමක් රළු වන අතර  ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න