Wednesday, May 7, 2014

දන්සැල් ලියාපදිංචිය අනිවාර්යයි.

10:51 PM By Unknown No comments


වෙසක් උත්සවය නිමිත්තෙන් තම නගර සභා සීමාව තුළ පවත්වන සියලූම දන්සල් ලියාපදිචි කිරීම අනිවාර්ය බව කොළඹ මහ නගර සභාව පවසනවා. එහි ප‍්‍රධාන ආහාර සෞඛ්‍ය පරික්ෂක එම්.බී. ලාල්කුමාර කියා සිටියේ දැනටමත් දන්සල් 65 ක් පමණ ලියාපදිංචි කර ඇති අතර සියලූම දන්සල් පරීක්ෂා කිරීම සඳහා පරික්ෂණ කණ්ඩායම් දෙකක් මේ වනවිටත් යොදවා ඇති බවයි.

මැයි මස 11 වැනිදා සිට 17 වැනිදා දක්වා සතිය, රාජ්‍ය වෙසක් සතිය ලෙස ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න