Friday, May 9, 2014

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ඉටි ප‍්‍රතිමා ප‍්‍රදර්ශනය

6:36 AM By Unknown No comments

අතුල හේරත් සහ මහිම හේරත් යන පිය පුතු යුගලය විසින් නිර්මාණය කරන ලද ඉටි ප‍්‍රතිමා ඇතුළත් , ජීවමාන ඉටි රූ දැක්ම, ඉටි ප‍්‍රතිමා ප‍්‍රදර්ශනය අද (09) ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා අතින් කොළඹ කලා භවනේදී විවෘත විය.
ඉටි භාවිත කර ජීවමාන ආකාරයෙන් නිමවා ඇති පිළිරූ 14 ක් මෙම ප‍්‍රදර්ශනයට ඇතුළත් වේ.
මාලනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙනිය, විශාරද ඩබ්.ඩී. අමරදේව, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, මහේන්ද්‍ර පෙරේරා, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය සුනිල් ආරියරත්න යන කලාකරුවන්ගේද, බෲස්ලී, වේ ගුවේරා වැනි අයගේ ද ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ, ඇහැලේපොළ කුමාරිහාමි, මද්දුමබණ්ඩාර, කැප්පෙටිපොළ නිළමේ වැනි ඓතිහාසික චරිතයන්ගේ පිළිරූ මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වේ.








0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න