අමෙරිකාවේ
ලොස් ඇන්ජලීස්හි පැවැති අන්තර් ජාතික විද්‍යා හා ඉංජිනේරු ප්‍රදර්ශනයේ
ජයග්‍රහණ ලබාගත් සිසුන් අද (19) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මහින්ද
රාජපක්ෂ මැතිතුමා හමු විය.
තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ
ඩබ්.ඒ. නාමල් උදාර, කඳාන දි මැසිනඩ් විද්‍යාලයේ නිපුන් කවිෂ්ක, කොළඹ
නාලන්දා විද්‍යාලයේ රකිත දිල්ශාන් මාලේවන සිසුන් මෙලෙස ජනාධිපතිතුමා
හමුවූවන් අතර වේ.
මාතෘ භූමියේ නාමය ලොව රැන්දු පුංචි
හපනුන්ට මෙහිදී තම උණුසුම් සුබ පැතුම් පිරිනැමූ ජනාධිපතිතුමා ඔවුන්ගේ ඉදිරි
කටයුතු සාර්ථක කර ගැනීමටද ආශිර්වාදය පැතීය. මොවුන්ගේ දක්ෂතා අගයමින්
ජනාධිපතිතුමා ඔවුන් වෙත මුදල් තිළිණද ප්‍රදානය කළේය.

0 අදහස්:
Post a Comment
ඔබේ අදහස් දක්වන්න