Showing posts with label වෙනත්. Show all posts
Showing posts with label වෙනත්. Show all posts

Saturday, May 31, 2014

Miss Asia Pacific World 2014 සජීවීව නරඹන්න


Miss Asia Pacific world 2014 සජීවීව නරඹන්න අපගේ වෙබ් අඩවියේ දකුණු පස. ශ්‍රි ලංකාව නියොජනය කරන නිලුක්ශි අමන්දා සිල්වා Miss Asia Pacific world 2014 වෙනවාද කියා සජීවීව නරඹන්න

Thursday, May 29, 2014

අලූත්ගම මුහුදේ ගුවන් යානයක කොටස්

ඊයේ (28) සවස අලූත්ගම - මොරගල්ල ප්‍රදේශයේදී මුහුදු ගිය ධීවරයන් පිරිසකට ගුවන් යානයක යැයි කිව හැකි රෝදයක් හමු වුනා . එම රෝදයි මසුන් ඇල්ලීම සඳහා එලා තිබූ දැලක් පැටලී තිබී ඇත . පසුව එම රෝදය අලූත්ගම පොලිසිය වෙත භාර දෙනු ලැබුවා . මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ශන සිදු කරමින් පවතී .

Monday, May 19, 2014

සිව්වන වරටත් සාර්ක් චිත්‍රපට උළෙල ඇරඹේ

සංස්කෘතික හා කලා කටයතු අමාත‍ය ටී.බී ඒකනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය සිව්වන වරටත් සංවිධානය කරන 'සාර්ක් චිත්‍රපට උළෙල' ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේ දී අදින්(20) ආරම්භ වේ. මැයි 25 දක්වා චිත්‍රපට උළෙල පැවැත්වෙන අතර සාර්ක් රටවල් නියෝජනය කරමින් චිත්‍රපට ප්‍රදර්ශනය වීමට නියමිතය.

Sunday, May 4, 2014

සර්පයෙක් තමාගේ ම සිරුර කන ආකාරය (video)




සර්ප විශේෂඥයින් පවසන්නේ, මෙවැනි හැසිරීම්, තමන් කරන්නේ කුමක් දැයි නොදන්නා රෝගාතුර වූ සත්ත්වයින් තුළ දක්නට හැකි බව ය. බටහිර හොග්නෝස් විශේෂයට අයත් මෙම සර්ප විශේෂය උතුරු අමෙරිකාවේ තැනිතලා බිම්වල, කැනඩාව සහ මෙක්සිකෝවේ ජීවත් වේ.

Wednesday, April 16, 2014

මුහුදුබත් කොරියානු ‍යාත්‍රාවේ මගීන් ‍බේරාගැනීමේ මෙහෙයුමේ දර්ශන


මුහුදුබත් වූ දකුණු කොරියානු ‍යාත්‍රාවේ සහ එහි සිටි මගීන් බේරාගැනීමේ මෙහෙයුමේ දර්ශන මේ වන විට නිකුත් වී තිබේ. 

ත්‍රස්වාදී සංවිධානයක් ලෙස බොදු බල සේනාව නම් කරයි.

ලෝකයේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වා ඒ පිලිබඳ තක්සේරු කරන ප්‍රධානතම සංවිධානය වන 'ටෙරරිසම් රිසර්ච් ඇන්ඩ් ඇනලසිස් කොන්සෝටියම්' (Terrorism Research & Analysis Consortium) හෙවත් 'ට්‍රැක්' (TRAC) ආයතනය විසින් ශ්‍රී ලංකාවේ බොදු බල සේනා සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබෙනවා.
බොදු බල සේනා සංවිධානය ශ්‍රී ලංකාවේ මුස්ලිම්, කතෝලික සුළුතර ආගමිකයන්ට එරෙහිව වෛරී ආකාරයෙන් හැසිරෙමින් ඔවුන්ට එරෙහිව ප්‍රහාර විශාල ප්‍රමාණයක් එල්ල කර ඇතැයි 'ට්‍රැක් සංවිධානය' පවසනවා. බොදු බල සේනා සංවිධානය ශ්‍රී ලංකාවේ රජය සමග සමීපව ක්‍රියා කරන බවද ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ සදහන්.
බොදු බල සංවිධානයේ ගලගොඩ අත්තේ ඥානසාර හිමි 'ප්‍රජාතන්ත්‍රවාදීන් කියා ගන්නා අය සිංහල ජාතිය විනාශ කරනවා' යනුවෙන් කියා ඇතැයි උපුටා දක්වන 'ට්‍රැක් සංවිධානය' ඥානසාර  හිමි ලෝකයම පිලිකුල් කරන බුරුමයේ 'අෂින් විරතු' නම් මිනීමරුවාදය පතුරුවන චීවරධාරියා හමුවීම දැක්වෙන සේයාරුවක් ද එකී වාර්තාවේ පළ කර තිබෙනවා.


Tuesday, April 15, 2014

ඇහැලේපොළ කුමාරිහාමි රූ ගැන්වීමේ

ඇහැලේපොළ කුමාරිහාමි කියන්නේ මෙරට නිෂ්පාදනය වන තවත් ඓතිහාසික කතා පුවතක් රැගත් දැවැන්ත සිනමාපටයක්.මේ චිත්‍රපටය මීට පෙර අතිසාර්ථක අයුරින් තිරගත වු විජය කුවේණි චිත්‍රපටයේ අධ්‍යක්ෂකරයා වන සුගත් සමරකෝන් හා එහි නිෂ්පාදක ගයාන් රනධීර යන දෙපලගේම නිර්මාණයක්.පෙර චිත්‍රපටය සේම මේ සිනමාපටයේද ප්‍රධාන චරිතයට පණ පොවන්නේ දුලානි අනුරාධයි.රජ කෙනෙක් යටතේ මෙරට එක් සේසත්ව තිබුණු අවසන් කාල සීමාවේ ලංකාවේ සිදුවේ මිලේඡ්ච ඝාතනයන් රැසක් අන්තර්ගත වන මෙම සිනමාපටයේ ඇහැළේපොල පවුල කෘෘර ලෙස මරා දමන අයුරුද අන්තර්ගතයි.මේ දර්ශන චිත්‍රපටය සඳහා ඉතාමත් තාත්වික විදියට මේ නිර්මාණකරුවන් ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා.ඒ වගේම මේ දර්ශන රූ ගැන්වන මොහේතේදී හරි අපුරු සිදුවීම් රැසක්මත් සිදුවෙලා තියෙනවා.මේ මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂක දැක්වු අදහස් වලින් කිහිපයක්.
‘හරිම පුදුම සිද්ධි ටිකක් වුණා. මද්දුම බණ්ඩාරගේ හිස ගසා දමන දර්ශනය තිබුණේ බතලෙගොඩ වැව ළඟ. දර්ශනයට ඔක්කොම සූදානම් කළා. හැමෝම ඉතාම කැපවීමෙන් රූගත කිරීම් ඇරැඹුවා. හිස ගසා දමන දර්ශනය ඉවර වුණා විතරයි මහා වරුසාවක් කඩා පාත්වුණා. දර්ශනය රූගත කරන තැන සේදිලා යනකල්ම අනෝරා වැස්සක් වැටුණා. ඒ වගේම කුමාරිහාමි දියේ ගිල්වන දවසේ කාලෙකට පස්සේ ඒ පළාතට වැස්සා. මේක පුදුම ආශ්චර්යමත් සිද්ධියක්.
‘ එක දවසක් තිබුණා රජතුමාගේ ඔටුන්න ගැලවිලා වැටෙන දර්ශනයක්. එක පාරටම රජතුමාගේ ඔටුන්න ගැලවිලා වැටුණා. ඔටුන්න වැටෙන කොටම එතන හිටිය කෙනෙකුගේ සළුවක් බිම වැටිලා ඔටුන්න වැටුණේ ඒකෙ උඩට. අපි රූගත කිරීම් නවත්තලා බොහෝ වෙලා ඒ ගැන කතා කළා. මේ චිත්‍රපටයේ ඇතුළේ පුදුම සහගත සිද්ධි කිහිපයක්ම වුණා




IPL අද ඇරඹේ

හත්වන ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරඟාවලියේ සමාරම්භක උත්සවය ශ‍්‍රී ලංකා වේලාවෙන් අද (15) පස්වරුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී පැවැත්වෙනවා. සමාරම්භක උත්සවය සඳහා ඉන්දීය සුපිරි බොලිවුඞ් නළු නිළියන් ද එක්වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. 2008 වසරේ පළමුවරට අයි.පී.එල් තරගාවලිය ඇරඹුනා. හෙට පළමුවරට මුම්බායි ඉන්දියන්ස් සහ කොල්කටා නයිට්රයිඩර් කණ්ඩායම් තරඟ වදින අතර, ඉන්දීය මහ මැතිවරණය හේතුවෙන් මේ මස 30 වැනිදා දක්වා අයි.පී.එල් තරග අබුඩාබි, ඩුබායි සහ සාජා යන නගරවල පැවැත්වෙනු ඇති. මැයි මස 2 වැනිදා සිට ජූනි මස පළමුවැනිදා දක්වා තරග ඉන්දියාවේදී පැවැත්වෙනවා. ලසිත් මාලිංග, තිසර පෙරේරා සහ මුත්තයියා මුරලිදරන් මෙවර අයි.පිී.එල් නියෝජනය කරන ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්.

ජැක්ලීන් සල්මන් එක්ක අමුතු වාහනයක සෙල්ලමක

බොලිවුඩයේ ජනප්‍රියත්වය හිමිකරගැනීමට සමත් වූ ලාංකික සුරූපිනිය වන Jacqueline Fernandez (ජැක්ලින් ෆර්නැන්ඩස්) ගේ නවතම චිත්‍රපටයයි “Kick”. Sajid Nadiadwala විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටයේ ජැකලින් සමඟ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Salman Khan (සල්මාන් ඛාන්). මීට අමතරව Randeep Hooda, Nawazuddin Siddiqui, Archana Puran Singh සහ Mithun Chakraborty. නිදුරේදී තිරගත වීමට නියමිත මේ චිත්‍රපටය 2009 වසරේ දී තිරගත වූ Kick නම් තෙළිඟු චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකි.මේ දිනවල නව චිත්‍රපටයේ රූගත කිරීම් පෝලන්තයේ දී සිදුවන අතර එම රූගත කිරීම් අතරතුර සල්මාන් හා ජැක්ලින් අමුතු ආකාරයේ වාහනයක නැඟී සිටින දර්ශනයකි පහතින් දැක්වෙන්නේ. කෙතරම් තරු පෑයූවත් පෝලන්තයේදී නම් බොහෝ දෙනාගේ අවධානයට ලක් වූයේ මේ අමුතු වාහනය බවයි පැවසෙන්නේ.

කිරි වෙහෙර මුදුනෙන් කිරි වැගිරෙන ආශ්චර්ය !!!

ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර චෛත්‍යයෙන් කිරි පැහැයට හුරු ද්‍රාවණයක් වැගිරීමේ පුවතක් ඊයේ වාර්තා වුණා. ඊයේ (14/04/2014) උදෑසන 10.17 ට යෙදුණු ආහාර පිසීමේ සුබ නැකතත් සමග මෙම සිදුවීම සිදුවූ බවයි කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් සඳහන් කළේ. ආහාර පිසීමේ නැකත උදාවීමත් සමග කිරිවෙහෙර චෛත්‍යය වටා ප‍්‍රදේශවාසීන් සහ පැමිණ සිටි බැතිමතුන් කිරි ඉතිරවීම සිදුකර තිබෙනවා. එම අවස්ථාවේදී චෛත්‍යය රාජයාණන් වහන්සේගේ කොත් කැරැල්ල ආසන්නයෙන් කිරි පැහැයට හුරු ද්‍රාවණය වැගිරී ඇතැයි වාර්තා වෙයි.

කිරිවෙහෙර නායක පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ අවුරුදු 43 කට පසුව පුර පසළොස්වක පොහොයත් පුණ්‍ය කාලයත් එකට උදා වීම ඉතාමත් බලගතු සිදුවීමක් බවත්, මෙම ආශ්චර්යමත් සිදුවීම මීට අවුරුදු 43 කට පෙරද සිදුවී ඇති බවත් ය.

"කිරි වෙහෙර" ට එලෙස නම තැබීමටත් මෙවන් හේතුවක් ඇත. සිදුවීම බලා සිටි බොහෝ බැතිමතුන් පැවසූයේ බෞද්ධ දෙවිවරුන් විසින් කිරි වෙහෙරට කිරි වලින් පූජා පවත්වමින් පින් රැස් කර ගැනීම අරුමයක් නොවන බවයි.

Saturday, April 12, 2014

ජල සම්පාදන මණ්ඩලයට නව සභාපතිවරයෙක්


ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් ආර්.ඩී.ආර්. ප්‍රේමසිරි මහතා පත් කොට ඇත.
දැනට මහා මාර්ග, වරාය හා නාවික අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරන ප්‍රේමසිරි මහතා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිධූරයද හොබවනු ලැබේ.
හිටපු සභාපති කරුණාසේන හෙට්ටිආරච්චි මහතා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධූරයට පත් කොට ඇත.

කණාමුට්ටි පොලු පහර් වැදි සිසුවෙකුට බරපතලයි.

අකුරැස්ස කැටැන්විල ප්‍රදේශයේ ටියුෂන් පංතියක් සංවිධානය කල අවුරුදු උත්සවයකදි කණා මුට්ටි තරඟයේදි  එම පොලු පහර වැදි බරපතල තුවාල ලැබු සිසුවෙකු ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත. කණ මුට්ටිය බිදිමට ගිය සිසුවා අතින් වැරදිමකින් පොල්ල විසිවී ගොස් තවත් සිසුවෙකුගේ ඔලුවේ වැදී ඇති බව පොලිසිය පවසයි. සිද්ධිය දුටු ගුරුවරයෙකු සිහිසුන්ව ඇද ඇති අතර ඔහුද රෝහල් ගත කට ඇත.

හිලරි ක්ලින්ටන්ට සපත්තු ප්‍රහාරයක්

ඇමරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් හා ජනපති බිරිද හිලරි ක්ලින්ටන්ට සපත්තු ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. සමුළුවක් අමතමින් සිටින විට එක් කාන්තාවක් විසින් සපත්තු ප්‍රහාර එල්ල කර ඇත. මෙම සමුළුව පවත්වා ඇත්තේ ඝණ අපද්‍රව්‍ය කලමණාකරණය සම්භන්ධයෙනි. හිලරි සිද්ධියෙන් පසුව සිනාසෙමින් පවසා ඇත්තේ ඝණ අපද්‍රව්‍ය කලමණාකරණය විෂය මෙතරම් ආන්දොලාත්මක විෂයක් බව තමන් නොදෙන සිටි බවයි.
එම වීඩියෝව පහතින්

ඇමරිකාවෙන් අවුරුද්දට සුභ පැතුම් !!!!

අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සියලූම ශ්‍රී ලාංකිකයින්ට අවුරුද්ද වෙනුවෙන් සිය සුභාශිංෂණ පල කර තිබේ. රාජ්‍ය ලේකම්වරයා පවසන්නේ සංහිඳියාව සහ සාමය නව වසරේ සෑම ශ්‍රී ලාංකිකයෙකුටම උදාවනු ඇති බවයි.

සමෘද්ධිමත් ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ කාර්යයයේදී සාමය සහ සෞභාග්‍ය පිරි නව වසරකට සුබ පැතුම් එක්කරන බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා  වැඩිදුරටත් නිවේදනය කරයි.

අමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා සහ අමෙරිකානු ජනතාව වෙනුවෙන් අලුත් අවුරුදු පණිවිඩයක් නිකුත් කරමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මේ බව සඳහන් කර තිබේ. 

මත්තලට ආ බවුසරයක ගින්නක් !!!

අද කොලොන්නාව සිට මත්තල ගුවන් තොටුපල වෙත ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් බස් රථයක ගැටී සූරියවැව - මීගහජදුර මංසන්ධිය අසලදී ගුවන් යානා ඉන්ධන ලීටර් 33 000 ක් සමඟ විනාශයට පත් විය. ඒහිදී කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති අතර බවුසරය මුලුමනින් විනාශයට පත්ව ඇත.

අතුරුදහන් යානයෙන් CALL එකක්

මැලේසියානු ගුවන් යානයේ සහයක නියමුවා,යානය රේඩාර් තිරයෙන් මැකීයාමට කලින් ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලබාදීමට උත්සාහ කළ බව හෙළිවී ඇත.  හදිසි ආධාර ඉල්ලිම සදහා ඔහු අමතා තිබෙන අතර එය සම්පුර්ණ කර්න්න ඔහුට හැකිවී නැහැ. යානය නිශ්චිත මාර්ගයෙන් පිටත වෙනත් මාර්ගයකට වේගයෙන් ඇදී යාමත් සමග එය වහා නතරවී ඇති බවයි මලයාසියානු පුවත්පතක් අද අනාවරණ කළේ. පරීක්ෂණ කණ්ඩායම් ප‍්‍රකාශ කර ඇත්තේ යානය අතුරුදන්වී පැය කිහිපයකට පසුවද සහය නියමුවාගේ දුරකථනය ක‍්‍රියාත්මක වී ඇති බවයි.

අලි හිසතෙල් ගැල්වීමේ 16 වෙනිදා !!!

සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍රානුකූලව පින්නවල අලි අනාථාගාරයේ රැකවරණය ලබන අලි ඇතුන්ගේ හිසතෙල් ගැල්වීමේ මංගල්‍යය 16 දා පෙරවරු 11.16ට යෙදෙන සුබ මොහොතින් සිදු කෙරේ.
උද්භිත උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය ජයරත්න හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන හිසතෙල් ගැල්වීමේ මංගල්‍යය ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබයි.


Friday, April 11, 2014

භාතිය සන්තුෂ් පිට සක්වල ජීවීන් අක්‍රමණය කරයි ( ඡායරූප සහිතයි )

භය වෙන්න එපා.. මේ භාතිය සන්තුශ්ගේ අලුත්ම MUSIC VIDEO  එක.මෙහිදි භාතිය සන්තුෂ්ට හා උමාරියාට මොරටුවේදි පිටසක්වල ජීවී ප්‍රහරයක් එල්ල වෙනවා. එහිදි උමාරිට තුවාල සිදුවන අතර භාතිය ඇයව ආරක්ෂා කර ගනී. මෙහි පටිගත කිරීම් පිලියන්දල හා මොරටුව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදීද චිත්‍රගාරය තුලදීත් නිර්මාණය කර ඇත.












එම  Music Video _පහතින් 

 

AIR FORCE එකේ අවුරුදු පොළ

මෙවර ගුවන් හමුදා අවුරුදු පොළ ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරු රයිපල් ග‍්‍රීන් කී‍්‍රඩාංගනයේදී ඊයේ (11) ආරම්භ විය. ඒ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂක කාර්යය මණ්ඩලය හා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහය දැක්විය.

උත්සව සමයේ මාලු මිල පහලට

ගිය අවුරුදු සමයේදි තිබුන මාලු මිලට වඩා වෙවර පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණයේ මාළු මිල  සියයට 20-35කින් අඩු වී තිබෙන ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය. "ගිය වසරේ අවුරුදු සමය සමඟ සංසන්දනය කරන විට මේ වසරේ අවුරුදු සමයේ මාළු මිල අඩු වී තිබෙනවා. ගිය වසරේ තෝරා කිලෝවක් රුපියල් 1200.00ක් වුණත් අද රුපියල් 600.00ට මිලදී ගත හැකියි. ගිය වසරේ පරව් කිලෝවක් රුපියල් 660.00යි. අද රුපියල් 450.00යි. 2013දී බලයා කිලෝවක් රුපියල් 550.00යි. අද රුපියල් 360.00යි. කෙලවල්ලා කිලෝවක් පසුගිය වසරේදී රුපියල් 660.00 යි. අද කෙලවල්ලා කිලෝවක් රුපියල් 360.00යි.

ගියවසරේ තලපත් කිලෝවක් රුපියල් 690.00ක් වූ අතර මේ වසරේ රුපියල් 540.00ක් වෙනවා. මේ අනුව ගිය වසරේ අවුරුදු සමයට වඩා මාළු මිල සියයට 20-35කින් පමණ අඩුවෙලා තියෙනවා. ඒ වගේම රට පුරා මාළු මිලත් පසුගිය වසර 3 තුළ සමාන මට්ටමකට පාලනය වී තිබෙනවා. ඊට ප‍්‍රධානතම හේතුව ධීවර සංස්ථා අලෙවිසැල් රට පුරාම ආරම්භ කිරීමයි. මේ වන විට රට පුරා සංස්ථා මාළු අලෙවිසැල් 138ක් ආරම්භ කර තියෙනවා. ඉදිරි දෙවසර තුළ මෙම අලෙවිසැල් ජාලය 250 දක්වා වැඩි කිරීමට පියවර ගන්නවා. මේ වන විට සතොස අලෙවිසැල් 225කින් සංස්ථා මාළු ඉතාම අඩු මිලට අලෙවි කරනවා. රජය වශයෙන් ධීවර සංස්ථාව වෙළෙඳපොළ තරග කරන්නට මැදිහත් වීමෙන් මාළු මිල සාධාරණ ලෙස පාලනය වී තිබෙනවා. අප හැම විටම උත්සහ කරන්නේ ගුණාත්මක බවින් ඉහළ මාළු සාධාරණ මුදලට ජනතාවට ලබාදෙන්න" යැයි ද ඔහු පැවසීය.