Tuesday, April 15, 2014

IPL අද ඇරඹේ

හත්වන ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරඟාවලියේ සමාරම්භක උත්සවය ශ‍්‍රී ලංකා වේලාවෙන් අද (15) පස්වරුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී පැවැත්වෙනවා. සමාරම්භක උත්සවය සඳහා ඉන්දීය සුපිරි බොලිවුඞ් නළු නිළියන් ද එක්වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. 2008 වසරේ පළමුවරට අයි.පී.එල් තරගාවලිය ඇරඹුනා. හෙට පළමුවරට මුම්බායි ඉන්දියන්ස් සහ කොල්කටා නයිට්රයිඩර් කණ්ඩායම් තරඟ වදින අතර, ඉන්දීය මහ මැතිවරණය හේතුවෙන් මේ මස 30 වැනිදා දක්වා අයි.පී.එල් තරග අබුඩාබි, ඩුබායි සහ සාජා යන නගරවල පැවැත්වෙනු ඇති. මැයි මස 2 වැනිදා සිට ජූනි මස පළමුවැනිදා දක්වා තරග ඉන්දියාවේදී පැවැත්වෙනවා. ලසිත් මාලිංග, තිසර පෙරේරා සහ මුත්තයියා මුරලිදරන් මෙවර අයි.පිී.එල් නියෝජනය කරන ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න