Friday, April 11, 2014

නාමල්ගේ උපන් දිනය වෙනුවෙන් සාංඝික දානයක්

නාමල් රාජපක්ෂ මහතාගේ උපන් දිනය නිමිත්තෙන් සංවිධානය කෙරුණු මහා සංඝරත්නය දහස් නමක් උදෙසා වූ සාංඝික දානය ඊයේ (10) දහවල් තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්විණි. 
සිතුල්පව්ව රජමහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය මැටරඹ හේමරතන නායක ස්වාමීන් වහන්සේ, තිස්සමහාරාම රජමහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන නායක ස්වාමීන්වහන්සේ, කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානිස්සර නායක ස්වාමීන්වහන්සේ, මැදමුලන අත්තනයාල ශ්‍රී මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය අඹකොලවැව ධම්මරතන නායක ස්වාමීන්වහන්සේ, වගේගොඩ රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය ඉත්තදෙමළියේ පඤ්ඤාසාර නායක ස්වාමීන්වහන්සේ, තංගල්ල වජිරගිරි විහාරාධිපති පූජ්‍ය මිරිස්සේ ධම්මවාස නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියහ. 
 
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ජනාධිපති ආර්යා ශිරන්ත වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය ඇතුළු මැති ඇමැතිවරුන් මෙන්ම පවුලේ ඥාතීහුද මීට එක්ව සිටියහ.
 
 



 






0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න