Sunday, April 13, 2014

නව වසරේ ජනපති සුබ පැතුම්

9:26 PM By Unknown No comments



ජනාදිපතිතුමාගේ නව වසරේ සුබ පැතුම

බත බුලතින් පිරි නිල්ල පිරුණු ස්වයං පෝෂිත රටක් ගොඩනැගෙන අවදියක සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අපි මහත් සතුටින් පිළිගනිමු.

ලෙයින් මසින් මෙන්ම හදවතින් සපිරි මිනිසෙකු ලෝකයට බිහි වන්නේ යහගුණ දහමින් හෙබි ශ්‍රේෂ්ඨ සංස්කෘතික උරුමයන් තුළිනි. ඒ සඳහා අපට පදනම සලසන ප්‍රධානතම ජාතික උළෙලක් වන්නේ මේ හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයයි. පැරණි සාරධර්ම සිරිත් විරිත් නොවෙනස්ව පවත්වා ගැනීම සෞභාග්‍ය කරා යන ජාතියක පෙර නිමිත්තක්ද වන්නේය.

අප මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද පිළිගන්නේ කෘෂිකර්මාන්තයේ මෙන්ම සෑම අංශයකම නිෂ්පාදනයද සංවර්ධනය දියුණු තියුණු කරන්නා වූ අවධියකය. රටක වේගවත් සංවර්ධනයක් සඳහා ජාතික සමගිය ගොඩනැගීම අත්‍යවශ්‍යය. අවුරුදු සිරිත්තුම් තුළ දිදුලන ප්‍රමුඛතම ලක්ෂණය වන්නේ සහජීවනය සහ සංහිඳියාවයි. පවුලක සංහිඳියාව පවුල් සීමාවෙන් බැහැරට ගොස් ගම හා නගරය ඔස්සේ මුළු ප්‍රදේශයේම වැපිරීම අවුරුදු උළෙලේ ප්‍රමුඛතම ගුණාංගයකි.

සැමට සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!යි ප්‍රාර්ථනා කරමි.
මහින්ද රාජපක්ෂ
ජනාදිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය 

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න