Tuesday, April 22, 2014

විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත්‍ර කැඳවීම අද සිට

11:21 PM By Unknown No comments

2013  වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උපෙළ) විභාගයෙන් සමත්ව විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලැබූ සිසුන් සඳහා අයදුම්පත්‍ර කැඳවීම අද (23) සිට සිදු වේ.අදාළ අයදුම්පත්‍ර සමඟ ප්‍රවේශ අත්පොතක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.

අදාළ අයදුම්පත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවෙන් හෝ කොමිසම් සභාව අනුමත කර ඇති පොත් අලෙවි සැල් මගින් ඉදිරියේදී ලබා ගැනීමේ පහසුකම් සැලසේන අතර අද (23) පුවත්පත් මගින්ද අයදුම්පත් ප්‍රකාශයට පත් කෙරේ.

ඒ අනුව ලබන සැප්තැම්බර් මස සිට දිවයිනේ සියලු ම විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමට පියවර ගෙන ඇත.  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව පවසන්නේ අයදුම්කරුවන්ගේ අයදුම්පත් සභාවට ලැබීමෙන් අනතුරුව විශ්වවිද්‍යාලවලට බඳවා ගනු ලබන සිසුන් සංඛ්‍යාව තීරණය කෙරෙනු ඇති බවයි.

විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ අයදුම්පත් කැඳවීම ලබන මස 19 වන දින අවසන් වේ.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න