Thursday, April 10, 2014

HIGHWAY ගාස්තු සඳහා සහන

11:58 PM By Unknown No comments




මේ අලුත් අවුරුදු සමය වෙනුවෙන් දක්ෂිණ හා කටුනායක අධිවේගී මාර්ගය භාවිතා කිරීමේ දී සහන ගාස්තු ක්‍රමයක් රජය හදුන්වා දී ඇත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ලබන 25දා මධ්‍යම රාත්‍රිය දක්වා මෙම ක්‍රමය ක්‍රියාත්මක වේ.

ඒ අනුව කොට්ටාව සිට ගාල්ල දක්වා ආසන 09ට වැඩි වෑන්රථ හා ආසන 33 බස්රථ සඳහා රුපියල් 650කි. එම වාහන මාතර දක්වා ගමන් කිරීමට රුපියල් 800ක් ගෙවිය යුතුය. ආසන 33 වැඩි බස්රථ සඳහා රුපියල් 950ක් හා මාතර දක්වා රුපියල් 1200ක ගාස්තුවක් අයකෙරේ. සියලුම මෝටර් රථ, වැගන්, ජීප්, කැබ් සහ ආසන 9යේ වෑන් රථ සඳහා ගාස්තුව රුපියල් 300කි. එම වාහන සඳහා මාතර දක්වා ගමන් කිරීමට රුපියල් 400ක් අය කෙරේ.

කොළඹ සිට කටුනායක දක්වා ගමන් කරන මෝටර් රථ, වැගන්, ජීප්, කැබ් සහ ආසන 9යේ වෑන් රථ සඳහා ගාස්තුව රුපියල් 200කි. එම මාර්ගයේ ධාවනය වන බස්රථ සඳහා රුපියල් 550ක ගාස්තුවක් අයකෙරේ. ආසන 9ට වැඩි වෑන් රථ සඳහා රුපියල් 300ක ගාස්තුවක් ගෙවිය යුතු අතර ආසන 33ට අඩු බස් රථ සඳහා ගාස්තුව වන්නේ ද රුපියල් 300කි. ආසන 33ට වැඩි බස්රථ සඳහා රුපියල් 400ක ගාස්තුවක් අයකෙරේ.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න