Friday, April 11, 2014

උත්සව සමයේ මාලු මිල පහලට

ගිය අවුරුදු සමයේදි තිබුන මාලු මිලට වඩා වෙවර පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණයේ මාළු මිල  සියයට 20-35කින් අඩු වී තිබෙන ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය. "ගිය වසරේ අවුරුදු සමය සමඟ සංසන්දනය කරන විට මේ වසරේ අවුරුදු සමයේ මාළු මිල අඩු වී තිබෙනවා. ගිය වසරේ තෝරා කිලෝවක් රුපියල් 1200.00ක් වුණත් අද රුපියල් 600.00ට මිලදී ගත හැකියි. ගිය වසරේ පරව් කිලෝවක් රුපියල් 660.00යි. අද රුපියල් 450.00යි. 2013දී බලයා කිලෝවක් රුපියල් 550.00යි. අද රුපියල් 360.00යි. කෙලවල්ලා කිලෝවක් පසුගිය වසරේදී රුපියල් 660.00 යි. අද කෙලවල්ලා කිලෝවක් රුපියල් 360.00යි.

ගියවසරේ තලපත් කිලෝවක් රුපියල් 690.00ක් වූ අතර මේ වසරේ රුපියල් 540.00ක් වෙනවා. මේ අනුව ගිය වසරේ අවුරුදු සමයට වඩා මාළු මිල සියයට 20-35කින් පමණ අඩුවෙලා තියෙනවා. ඒ වගේම රට පුරා මාළු මිලත් පසුගිය වසර 3 තුළ සමාන මට්ටමකට පාලනය වී තිබෙනවා. ඊට ප‍්‍රධානතම හේතුව ධීවර සංස්ථා අලෙවිසැල් රට පුරාම ආරම්භ කිරීමයි. මේ වන විට රට පුරා සංස්ථා මාළු අලෙවිසැල් 138ක් ආරම්භ කර තියෙනවා. ඉදිරි දෙවසර තුළ මෙම අලෙවිසැල් ජාලය 250 දක්වා වැඩි කිරීමට පියවර ගන්නවා. මේ වන විට සතොස අලෙවිසැල් 225කින් සංස්ථා මාළු ඉතාම අඩු මිලට අලෙවි කරනවා. රජය වශයෙන් ධීවර සංස්ථාව වෙළෙඳපොළ තරග කරන්නට මැදිහත් වීමෙන් මාළු මිල සාධාරණ ලෙස පාලනය වී තිබෙනවා. අප හැම විටම උත්සහ කරන්නේ ගුණාත්මක බවින් ඉහළ මාළු සාධාරණ මුදලට ජනතාවට ලබාදෙන්න" යැයි ද ඔහු පැවසීය.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න