Friday, April 11, 2014

අද නගර කිහිපයක හිරු මුදුන් වේ.

12:15 AM By Unknown No comments

අද  අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ ස්ථාන කිහිපයක, විශේෂයෙන් බස්නාහිර, දකුණු, මධ්‍යම සහ සබරගමුව පළාත්වල, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව බස්නාහිර සහ නිරිතදිග වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේද වැස්සක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, මෙම අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතී.  අද  (11), දහවල් 12.12ට මුරන්දන්වේලි, ගලෙන්බිඳුනුවැව, ඉච්චිලම්පල්තායි නගරවලට හිරු මුදුන්ව පවතී.  

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න