Tuesday, April 15, 2014

ජැක්ලීන් සල්මන් එක්ක අමුතු වාහනයක සෙල්ලමක

බොලිවුඩයේ ජනප්‍රියත්වය හිමිකරගැනීමට සමත් වූ ලාංකික සුරූපිනිය වන Jacqueline Fernandez (ජැක්ලින් ෆර්නැන්ඩස්) ගේ නවතම චිත්‍රපටයයි “Kick”. Sajid Nadiadwala විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටයේ ජැකලින් සමඟ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Salman Khan (සල්මාන් ඛාන්). මීට අමතරව Randeep Hooda, Nawazuddin Siddiqui, Archana Puran Singh සහ Mithun Chakraborty. නිදුරේදී තිරගත වීමට නියමිත මේ චිත්‍රපටය 2009 වසරේ දී තිරගත වූ Kick නම් තෙළිඟු චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකි.මේ දිනවල නව චිත්‍රපටයේ රූගත කිරීම් පෝලන්තයේ දී සිදුවන අතර එම රූගත කිරීම් අතරතුර සල්මාන් හා ජැක්ලින් අමුතු ආකාරයේ වාහනයක නැඟී සිටින දර්ශනයකි පහතින් දැක්වෙන්නේ. කෙතරම් තරු පෑයූවත් පෝලන්තයේදී නම් බොහෝ දෙනාගේ අවධානයට ලක් වූයේ මේ අමුතු වාහනය බවයි පැවසෙන්නේ.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න