Tuesday, April 15, 2014

Facebook ළමුන් අපයෝජනය ඉහළ යයි

Facebook සමාජ ජාල වෙබ් අඩවිය හරහා ළමුන් අපයෝජනය කිරීම් බෙහෙවින් ඉහළ ගොස් ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි.එහි සභාපති නීතීඥ අනෝමා දිසානායක මහත්මිය සඳහන් කළේ, මෑතකදී කරන ලද සමීක්ෂණයකින් මේ කරුණු අනාවරණය වූ බව ය.මේ සඳහා විදේශිකයින් පිරිසක් යොමු වී සිටින අතර ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙකු ද මෙම අපයෝජනවලට යොමු වී තිබේ.ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති නීතීඥ අනෝමා දිසානායක මහත්මිය ප්‍රකාශ කළේ, මේ වන විට එවැනි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ය. ළමුන් සමාජ ජාල වෙබ් අඩවි භාවිත කරන විට දෙමාපියන් ඒ පිළිබඳව දැඩිව අවධානයෙන් සිටිය යුතු බව ඇගේ අදහස යි.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න